Colombo Today Local News

ශ්‍රී ලංකන්-මිහින් ලංකා දූෂණ හොයන ජනපති කොමිසම පත්කෙරේ.. ජනපති ගැසට් පත්‍රයට අත්සන් තබයි

2006 ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළදී ශ්‍රි ලංකන් එයාර් ලයින්ස් සමාගම , සී/ස ශ්‍රි ලංකන් කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිඳු කරන ලදැයි සඳහන් වන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම ජනාධිපතිවරයා විසින් පත්කර ඇත.

ඊට අදාල ගැසට් නිවේදනයට ඊයේ රාත්‍රියේ (02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබීය.

මෙම කොමිසමේ සාමාජිකයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමලත් විනිශ්චයකාර අනිල් ගුණරත්න , අභියාචනාධිකරණයේ විනිශ්චයකාර ඇතාඋඩ ආරච්චිගේ ගාමිණි රෝහන් අමරසේකර , මහාධිකරණයේ විශ්‍රාමලත් විනිශ්චයකාර පියසේන රණසිංහ , විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති මල්ලවආරච්චිගේ දොන් ඇත්තනි හැරල්ඩ් , ශ්‍රි ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමික්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්තා ජයසීලි කපුගම යන මහත්ම මහත්මීන් ජනාධිපති විසින් පත් කරනු ලැබ තිබේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

colombotoday

“විහාරස්ථානවලට අත තියන්න ආණ්ඩුවට තියා කාටවත් ඉඩ දෙන්නෑ“ – බුද්ධශාසන ඇමති

colombotoday

උඩරට මැණිකේ පීලි පැනීමෙන් දුම්රිය ප්‍රමාදයක්

Admin

බඩට වෙනසක් නොවුණත් 2015 සතුට පිරීගිය වසරක්.. ප්‍රාජතන්ත්‍රවාදයෙන් අපි ලෝකෙන්ම අංක එකවුණා – ජනපති

colombotoday

දෙවියන් වහන්සේ වෙත ගිය තමිලිනී වෙනුවෙන් අපි යාඥා කරන්නෙමු, ඔබත් යාඥා කරන්න – TNA

colombotoday

වෑන් රථයක් ලොරියක ගැටී තිදෙනෙකු මරුට

Admin