Colombo Today Local News

හෙට දළදා මාලිගාවේත් ශිවගේ මොකුත් තියෙනවා කියයි. ශ්‍රී පාදය, ශිව පාදම් කිරීමට සංඝරත්නයේ විරෝධය

සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් බඳු ගෞතම ශ්‍රී පාදස්ථානයට “ශිව දෙවි කන්ද” යනුවෙන් නමක් ආරෝපණය කර අද දවසේ එම නාම පුවරු සවි කිරීමට මස් කෙලිය ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මේ අත්තනෝමතික ක්‍රියාව සිදු නොකරන ලෙස ඊයේ නියෝග කර තිබුන බවත් ඒ වෙනුවෙන් ආණ්ඩුකාරවරයාට ස්තුතිවන්ත වෙන බවත් “සිංහලේ” සංවිධානයේ සභාපති මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි පවසනවා.

වගකිවයුතු සියලු ආයතනවලට මේ පිළිබඳව ක්‍රියාත්මක වන ලෙස ආණ්ඩුකාරවරයා ඊයේ සහ අද උදෑසන ලිඛිතව දන්වා තිබුනු බවත් ආණ්ඩුකාරවරයාගේ නියෝග අභිබවා යාමට තරම් මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනියට බලය ලැබුනේ කෙසේද යන්න විශාල සැකයක්ව පවතින බව සඳහන් කර සිටි ඒ හිමියෝ “හෙට අනිද්දට දළදා මාලිගාවට ගොස් ශිව දෙවියන්ගේ මොකුත් හරි තියෙනවා කිවුවොත් අදාට අපිට වෙයි නෑ නෑ මේක අපේ කියලා සුළු ජාතීන්ට ඔප්පු කර කර යන්න. ඒ තරම්ම සිංහලයන් මේ රටේ අනාථයන් බවට පත්වෙලා” යැයි පැවසීය.

ඒ නිසා වහාම මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා බෞද්ධයන්ගේ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඒ හිමියෝ අද (8) සවස මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියහ.

https://colombotoday.com/%e0%b7%81%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1%e0%b6%b8-%e0%b7%81%e0%b7%93%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%b8%e0%b7%8a/

Related posts

හිටපු DIG නාලක බුද්ධි අංශ මෙහෙයුමක් පාවා දුන් බවට විමල්ගෙන් හෙළිදරව්වක්

colombotoday

රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම: කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසක් අධිකරණයට කැදවයි

colombotoday

ආණ්ඩුවේ දූෂිතයන්ටත් මගෙන් බේරුමක් නෑ – ජනපති

colombotoday

“මම කැසිනෝකාරයෙක් තමා.. ඒක වැරදි වැඩක් නෙවෙයි” – එජාප මන්ත්‍රී නලින් බන්ඩාර

colombotoday

රජයේ වියදමින් ඔබේ ඉඩමේ පස් බුරුල් කරගැනීමට අවශ්‍යනම් ඇවිත් යන්න කියා මට ආරාධනා කරන්න

colombotoday

Enrique ගේ සංගීත ප්‍රසංගයේ කෝටි 2ක බදු වංචාවක්?

colombotoday