Colombo Today Local Newsfeatured

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් කිරීම ආණ්ඩුකාර නියෝගයෙන් අත්හිටුවයි…

කිසිදු පාර්ශවයක් සමග සාකච්චා නොකොට මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ‍්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට ගත් තිරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (7) උදෑසන නියෝග කර තිබෙනවා.

මේ පිළිබඳව Colombo Today අප වෙබ් අඩවියේ පළවූ පුවත පිළිබඳව කරුණු සොයා බැලීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුවත් නොකොට මෙවැනි සංවේදී සංස්කෘතික කාරණාවක් සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ නොසතුටට පළකර ඇති අතර පලාත්පාලන කොමසාරිස්වරයා හරහා මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව වෙත අදාළ නියෝගය නිකුත් කිරීමට මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබෙනවා.

පසුගිය වසරේ තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම වැනි ආගමික හෝ ජාතින් මත පදනම්වී සිදුවන නොසන්සුන්තාවයන් මින් ඉදිරියට තම පළාත් සභා බල ප්‍රදේශය තුල සිදු නොවීමට වගබලා ගැනීම තමාගේ වගකීමක් බවත් එවැනි දේ සඳහා පාර කැපෙන සුළු අත්වැරදි හෝ සිදු නොකිරීමට විශේෂයෙන් රාජ්‍ය ආයතන වගබලා ගතයුතු බවත් යම් දෙයක් සිදු කිරීමට අවශ්‍යනම් ඊට අදාළ සියලු පාර්ශව සමග සාකච්චා කර සම්මුතියෙන් එය සිදු කල හැකි බවත් ආණ්ඩුකාරවරයාගේ ස්ථාවරය වී ඇත.

මුල් පුවත….

https://colombotoday.com/%e0%b7%81%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1%e0%b6%b8-%e0%b7%81%e0%b7%93%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%b8%e0%b7%8a/

Related posts

මරණ දඬුවම නියම වී සිටින සුනිල් රත්නායක රණවිරුවාට ජනාධිපති සමාව අද ?

colombotoday

බ්‍රැන්ඩික්ස් මේ ආණ්ඩුව ගේන්න උදවු කලා. එනිසා කැමති වෙලාවට ඉන්දියාවෙන් සේවකයන් ගෙන්න පුළුවන් – ජනාධිපතිවරයා දහ පහලොස් දෙනෙක් ගෙනල්ලා පිප්පුවට රටක් පාලනය කරන්න බැ

colombotoday

යහපාලනයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ වීදි බසී (Video)

colombotoday

පොහොට්ටුවෙන් රනිල්ට රනිල්ගෙන් දිලිත්ට

Admin

හදිසි අනතුරක්… රෝසි රෝහල්ගත කෙරේ

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ අලාභය තක්සේරු කිරීමට අනු කමිටු 05ක්

colombotoday