Colombo Today Local News

ශ්‍රී ලංකන් වෙත වතුර කෝප්ප ඩුබායි සමාගමකින් මිලට ගැනීම අත්හිටුවයි…. දේශීය සමාගම්වලට ප්‍රමුඛ තැන !

ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් කරන මගීන් සදහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) ඩුබායි සමාගමකින් මිල දී ගැනීම අත්හිටුවීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කටයුතු කර තිබේ.

මෙම කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) මෙරට නිෂ්පාදනය නොකරන නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම ප්ලාස්ටික් වතුර කෝප්ප වතුර ද සමග මිලට ගෙන ඇත්තේ ඩුබායි සමාගමකිනි.

මෙම වතුර සහිත ප්ලාස්ටික් කෝප්ප මිලියන 03 ක් වසරකට ශ්‍රී ලංකන් සමාගම මිලදි ගනු ලබයි. ඒ එකක් ඩොලර් 7.80 කටය.

නව රජයේ පරිසර හිතකාමි ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකන් ගුවන් යානාවල ප්ලාස්ටික් කප් මින් ඉදිරියට භාවිතා නොකීරීමට ද තීරණය කර තිබේ. ඒ අනුව දේශීය සමාගමකින් සුදුසු කුඩා කෝප්ප සහ වතුර මිලදි ගෙන ගුවන් මගීන්ට ලබා දීමට නියමිතය.

ශ්‍රී ලංකන් සමාගමේ මිල දී ගැනීම් වල දි දේශීය කර්මාන්තකරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා උපදෙස් දී තිබිණි.

Related posts

මැනිං වෙළෙඳුන් ආරම්භ කල උපවාසය අවසන්

colombotoday

2018දී අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලය මෙන්න

colombotoday

“දකුණට සිග්නල් දමා වමට හැරවීම මට සුළු දෙයක්“ – ජනපති ශ්‍රීලනිප ආණ්ඩුවකට අත වනයි !

colombotoday

ඡන්දය පැවැත්වීමට ගත් තීරණයේ බෙදීමක් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – මැතිවරණ කොමිසම

Admin

ශ්‍රවණාබාධිතයින් 44කට පුහුණු රියැදුරු බලපත්‍ර..

Admin

ජනබල විරෝධයට ආ පිරිසක් කිරි පැකට් විෂ වී රෝහලේ…

colombotoday