Business

ගිය වසරේ ශ්‍රී ලංකන් පාඩුව කෝටි 1370 ක්‌

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අලාභය ගිය වසරේ (2017) දී රු. බිලියන 13.7 ක්‌ (රු. කෝටි 1370 ක්‌) දක්‌වා ඉහළ ගොස්‌ ඇත.

2016 වසරේදී එම සමාගම වාර්තා කළ අලාභය රු. කෝටි 1040 ක්‌ වන අතර මේ අනුව ගිය වසරේ (2017) දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලාභය රු. කෝටි 330 කින් ඉහළ ගොස්‌ තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්ෂික වාර්තාවේ (2017) මේ බව සඳහන් වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආදායම ගිය වසරේදී රු. කෝටි 14800 ක්‌ දක්‌වා සියයට 13.7 කින් ඉහළ ගියද, එම සමාගමේ මෙහෙයුම් වියදම රු. කෝටි 16170 ක්‌ දක්‌වා සියයට 13.7 කින් ඉහළ යැම නිසා මෙසේ එම සමාගම අඛණ්‌ඩව අලාභ වාර්තා කළ බවද මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

ආර්ථිකමය වශයෙන් වාසිදායක නොවූ මාර්ගවල අඩු මගී ආසන පිරීමේ අනුපාතය මෙම අලාභයට හේතු වී ඇති බවද මහ බැංකු වාර්තාව කියයි.

මේ නිසා මේ වසරේ (2018) දී නවදිල්ලිය හයිද්‍රdබාද් සහ ලාහෝර් දක්‌වා ගමන්වාර ඉහළ නැංවීමට සහ සීෂෙල්ස්‌, මාලේ සහ ගෑන් දූපත්වලට පවත්නා ගමන්වාර අඩු කිරීමටද එසේම චීනයේ කුන්මින්ග් වෙත පැවැති ගුවන් ගමන් වාර අත්හිටුවීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සැලසුම් කර ඇතැයි මහ බැංකු වාර්ෂික වාර්තාවේ තවදුරටත් සඳහන්ය.

Related posts

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

colombotoday

කොළඹ කොටස් වෙළදපොල බිදවැටේ – ආයෝජකයන් ඉවත්ව යයි

colombotoday

අයි.ඕ.සී තෙල් මිල ඉහළට

colombotoday

රජය සතු ‘ලංකා හොස්පිටල්’ විකුණනවානම් ගන්න අපි සූදානම් – හේමාස් කියයි

colombotoday

කොළඹ කොටස් හුවමාරුව, CHECකොළඹ වරාය නගර ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට

colombotoday

අවුරුදු අස්සේ රනිල්ගෙන් රතු එළියක්! රැකියා ලක්ෂයක් අවදානමේ?

Admin