Colombo Today Local Newsfeatured

අබ්දුල් රාසික්ගේ ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් කාර්යාලයක් තුලදී පෙට්‍රල් බෝම්බ 6ක් සොයා ගැනේ

“ශ්‍රී ලංකා තවුහීද් ජමාත්” සංවිධානයට අයත් ස්ථානයකදි දේශියව නිෂ්පාදනය කල පෙට්‍රල් බෝම්බ 6 ක් දවුලගල පොලිසිය මගින් ඊයේ (27) පස්වරුවේදි කල මෙහෙයුමකදී සොයා ගැනීමට හැකිවි ඇත.

දවුලගල පොලිසියට ලද තොරතුරක් මත 122/D/04 දවුලගල හන්දෙස්ස වහුංකොහ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් සෝදිසි කිරීමේදී මෙම පෙට්‍රල් බෝම්බ 6 හමුවි ඇති අතර එම කාර්‍යාලය භාරව සිටි පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට හැකි වි ඇත.

මෙම පෙට්‍රල් බෝම්බ බවට සැක කරන බල්බ තුල යකඩ ඇන, ඊයම් බෝල වැලි ඇතුලත්ව ගිනි තැබිමට හැකිවන පරිදි තිරයක්ද යොදා තිබූ බව පොලිසිය පැවැසීය.

Colombo Today මේ පිළිබඳව විමසීමක් කළ අතර සැකකාර පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් දවුලගල පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කරන ලදි. අතර දවුලගල පොලිසිය මගින් දවුලගල ප්‍රදේශය පුරා විශේෂ විමර්ශනයක්ද අරඹා ඇත.

බුදුරජාණන් වහන්සේ මිනී මස් වැළඳු බවට සහ තිසරණ යනු මැණික් ගල් තුනක් බවට ප්‍රකාශයක් සිදුකර ආගමික නොසන්සුන්තාවක් රට තුළ ඇති කළ අබ්දුල් රාසික් නැමති පුද්ගලයා බෝම්බ සොයාගත් කාර්යාලය අයත්වන ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රධානියා වේ. මුස්ලිම් ජාතිකයින්ට කුඩා දැරියන් විවාහ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් මොහු විසින් පසුගිය කාලය පුරාවට විරෝධතා රැලි රාශියක් ද සිදු කරන ලදි.

මෙරටට මරාගෙන ප්‍රහාරයක් එල්ල කළ මහ මොලකරු ලෙස හඳුන්වන ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රධානියා වන සහරාන් නමැත්තාද බ්දුර් රාසික් නායකත්වය ලබාදෙන ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානය ප්‍රබල චරිතයක්ව සිට ඇත.

ප්‍රහාරයට පසුව ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් ප්‍රධානී අබ්දුල් රාසික් මාධ්‍යයට පැමිණ තම සංවිධානය අන්තවාදී නොවන බව පවසමින් කිඹුල් කඳුලු හෙළු දක්නට ලැබිණි.

මෙරට ජීවත් වන සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව පවසන්නේ තව්හීඩ් ජමාත් යන නාමයන් භාවිතා කරනු ලබන සියලුම සංවිධාන අන්තවාදී සංවිධාන වන බවත් එම සියළු සංවිධාන තහනම් කර රට තුළ ආරක්ෂාව ස්ථාවර කිරීමට කටයුතු කරන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.

බුදුන්ට අපහාස කිරීම

ළමා විවාහ නීතිගත කරණ ලෙස ඉල්ලීම…

Colombo Today වෙත තවුහිඩ් ජමාත් ප්‍රහාරයක්.

Related posts

“ඉල්ලීම් කොයිතරම් සාධාරණ වුණත් ඒ ගැන කොවිඩ් වෛරසයට අවබෝධයක් නෑ.” – ගුරුවරුන්ට PHI සංගමය අනතුරු අඟවයි

colombotoday

සතොස අලාභය පහළ යයි

colombotoday

මංගල – ජෝන් කෙරී ගිවිසුමෙන් ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල අනතුරක !

colombotoday

නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

Admin

පාසලක තාප්පයක් කඩා වැටී සිසුන් 6ක් රෝහලේ.. – පළමු වසරේ දරුවෙක් මිය ගිහින්

Admin

උතුරේ කොටි පවුල් නඩත්තුවට රජයෙන් මිලියන 25ක් !

colombotoday