Colombo Today Local News

ටෙලිකොම් ආයතනයට අතුරු තහනමක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ටෙන්ඩර් අංක L/0253/2017 යටතේ අබලි තඹ කම්බි විකිණීම සඳහා වූ ටෙන්ඩරය නියමිත පටිපාටියෙන් බැහැරව ලබාදීමට විරුද්ධව ටෙන්ඩර් කරුවකු වෙන මීරිගම ඉන්ඩස්ට්‍රිස් ලංකා පුද්ගලික සමාගම විසින් කොළඹ දිසා අධිකරණයේ අංක 196/18 SPL යටතේ ගොනු කරන ලද පෙත්සම අද(11) විභාගයට ගනිමින්  එම අබලි ද්‍රව්‍ය විකිණීම අත්හිටුවාලමින් අතුරු තහනම් නියෝගයක් අලුත්කඩේ අංක 1 දිසා අධිකරණය විසින් නිකුත් කරන ලදි.

අධිකරණයේදී පැමිණිලිකාර පාර්ශවය සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ගිවිසුම කඩ කරමින් වෙනත් සමාගමක් සඳහා නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව තබ කම්බි විකිණීමේ ටෙන්ඩරය ලබාදී ඇති බවයි.

මෙම ටෙන්ඩර් ගනුදෙනුව ඉතා දුෂිත බව මීට ඉහතදී පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා චෝදනා කරන ලදි.

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ විකුම් බස්නායක මහතාගේ උපදෙස් මත නීතිඥ එසර වෙල්ලාල සහ කැලුම් හේවගේ යන මහත්වරු පෙනී සිටියහ.

Related posts

හෙලිකොප්ටරයෙන් හෙට අලුත් සන්ධානයක් එයි

Admin

“හත්වලාමෙ වෙච්චි දේට මක් කොරන්නද” FCID ගිහින් බන්ධුල කියයි.

colombotoday

ස්වදේශ කටයුතු අමාත්‍යංශයක් නැති අමාත්‍යංශ බෙදිල්ල

Admin

දෙමෝදර ආරක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් කිරීමේ තීරණයක්

Admin

මානව හිමිකම් කොමසාරිස්‌ ‘ඊළාම් ආණ්‌ඩුව’ පිළිගනී

colombotoday

උතුර-නැගෙනහිර එක්කර, සිංහල බෞද්ධයන් පන්නන කොන්දේසි 13 ගැන සම්බන්ධන් – රනිල් රහස් සාකච්ඡාවක් !

colombotoday