නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහ සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නිවේදනය ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායකගේ අත්සනින් නිකුත් කර තිබේ.
නව ගැසට් පත්‍රය අනුව, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පොලිස් මහ සැරයන් සහ ඊට පහළ නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බලතල හිමිව තිබේ. තවද, ස්ථාන මාරු, වැඩ තහනම් කිරීම, සහ විනය පාලනය සඳහා බලය ලැබේ.
සහාකාර පොලිස් අධිකාරිවරුන්ට තම බල ප්‍රදේශවල විනයශාලා දඩුවම් නියම කිරීම සහ වැඩ තහනම් කිරීමේ බලතල පැවරී ඇත.