Colombo Today Local News

සහකාර පොලිස් අධිකාරී තම බිරිඳ පැහැරගෙන ගිය බවට ස්ථානාධිපති පැමිණිලි කරයි

රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරීවරයා (ASP) විසින් තම බිරිඳව පැහැරගෙන ගොස් ඇති බවට චෝදනා කරමින් ගම්පහා කොට්ඨාශයේ පොලිස් ස්ථානයක පොලිස් ස්ථානාධිපතිවරයෙක් විසින් කරන ලද පැමිණිල්ලක් පිළිබඳව කිරිබත්ගොඩ පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සහකාර පොලිස් අධිකාරීවරයා සිය නිල මෝටර් රථයෙන් මහනුවර මාර්ගයේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳ සමඟ ගමන් කරමින් සිට ඇති අතර පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුන් පසුපස යන විට සහකාර පොලිස් අධිකාරීවරයා මහනුවර පාරේ දලුගම පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඇතුළු වී තිබේ.

ආරංචි මාර්ග වලට අනුව දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් දුරදිග ගොස් ඇති අතර, පසුව පොලිස් ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව කිරිබාත්ගොඩ පොලිසිය පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වයි.

Related posts

ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක් අද

Admin

පාර්ලිමේන්තු සභාව නොවැම්බර් 19 දා පස්වරු 1 දක්වා කල් තැබෙයි

colombotoday

කැස්බෑව – පිටකොටුව බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

colombotoday

ෆ්‍රැන්සින් පාප්තුමන්ගේ විශේෂ දූතයෙක් ශ්‍රී ලංකාවට එයි…

colombotoday

වෛරයෙන් නොව බුද්ධියෙන් කතිරය ගහන්න

Admin

සජිත්ගේ සන්ධානයට එරෙහිව රනිල් ‘අලියා‘ ලකුණින් මැතිවරණයට… අගමැති අපේක්ෂක කරු !

colombotoday