ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 58 වන මහා සභාව සහ ක්‍රිකට් නිලවරණය කඩිනමින් පවත්වන ලෙස ක්‍රිකට් ක්‍රීඩා සමාජ සහ සංගම් 52ක් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.එම ලිඛිත ඉල්ලීම සිකුරාදා දින ක්‍රීඩා ඇමැතිවරයාට භාරදී ඇත.
ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වා සිය අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසද ක්‍රිකට් සංගම් ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ගැන සාකච්ඡා කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා ඩුබායිහි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ගිය අතර එහිදී ඔවුන් දැනුම්දී තිබුණේ අතුරු කමිටු පත් නොකර ක්‍රිකට් නිලවරණය පවත්වන ලෙසය.