Uncategorized

ක්‍රීඩකයන්ගේ දීමනා කපා දමයි. | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ක්‍රීඩකයෝ ගැටෙති

වාර්ෂික කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර මතභේදාත්මක තත්වයක් උද්ගත වී තිබේ.

මෙම තත්වය හේතුවෙන් ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුවට අස්සන් කිරීම ප්‍රමාද කරමින් සිටින බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2021/2022 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති කොන්ත්‍රාත් ගිවිසුමෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් මුදල සියයට 50 කින් පමණ කපාහැර ඇති බව වාර්තා වේ.

මීට පෙර පැවති කොන්ත්‍රාත්තු සමග සැසදීමේදී සමස්තයක් ලෙස ක්‍රීඩකයකුගේ ගෙවීමෙන් සියයට 35 කට ආසන්න මුදලක් කපාහැර ඇති බවත් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරමින් සිටින බවත් දැනගන්නට තිබේ.

ශාරීරික යෝග්‍යතාව, වෘත්තීය දස්කම්, නායකත්ව ලක්ෂණ සහ අනාගත වටිනාකම යන ලක්ෂණ පදනම් කරගනිමින් මෙවර කොන්ත්‍රාත් ගිවිසුම ලබාදුන් බවත් එම ගිවිසුමට ක්‍රීඩකයන් 24 දෙනකු ඇතුළත්ව සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එම ක්‍රීඩකයන් 24 දෙනා ඒ, බී, සී සහ ඩී යන කාණ්ඩ යටතේ ඇමරිකානු ඩොලර් 25,000 සිට ලක්ෂය දක්වා වන සේ කාණ්ඩ ගත කර තිබේ.

එහි ඉහළම කාණ්ඩයට ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ඇතුළත්ව සිටින අතර ඔවුන්ට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි දෙකකට ආසන්න වාර්ෂික ගෙවීමක් හිමිවේ.

කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටින ක්‍රීඩකයෝ: ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, දසුන් ශානක, වනිදු හසරංග, ලසිත් ඇඹුල්දෙනිය, පැතුම් නිස්සංක, ලහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ඕෂධ ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ලහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක, අෂේන් බණ්ඩාර සහ අකිල ධනංජය.

Related posts

“නව අග්‍රාමාත්‍යවරයකු යටතේ අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපති එකඟ වුණා”

colombotoday

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

ඉන්දියාවේ නාඩු සහල් අද සිට සතොසින් රුපියල් 98ට

colombotoday

දැඩි ආරක්ෂාව මැද පාසල් ඇරඹයි… සිසු පැමිණීමේ විශාල අඩුවක්…

colombotoday

ට්‍රම්ප් දින්නොත් එලොන් මස්ක් කැබිනට් මණ්ඩලයට

Admin

ශාරුක් ඛාන් වසරකට බදු ලෙස ගෙවන මුදල මෙන්න

Admin