සිරගත කොට සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙසත් ඉස්ලාමීය ශරියා නීතිය,මද්රසා පාසල් තහනම් කරන ලෙසත් ඉල්ලා දකුණු කොරියාවේ ජීවත්වන ශ්‍රී ලාංකීය ජනතාව අද සෝල් නුවර දී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා දකුණු කොරියාවේ විවිධ නගරවලින් සෝල් නුවර බලා එරට ජීවත් වන ශ්‍රී ලාංකික ජනතාව මේ වනවිට ගමන් ආරම්භ කොට තිබෙනවා.