Colombo Today Sports News

3 වන T20 තරඟයෙනුත් ශ්‍රී ලංකාව පරාජය වේ

දකුණු අපි‍්‍රකාව සමග ඊයේ (24) ජොහැන්නස්බර්ග්හිදී පැවැති 3 වැනි විස්සයි විස්ස තරගයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 46ක පරාජයක් ලැබූ ශී‍්‍ර ලංකාව තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්විය.

දකුණු අපි‍්‍රකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 2ක් දැවී ලබාගත් ලකුණු 199 හඹාගිය ශී‍්‍ර ලංකා ඉනිමේ මුල්පෙළ කඩුලූ 4 ලකුණු 61කදී බිඳ දැමීමට දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නෝ සමත් වූහ. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ලෙස ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස් සහ අවිශ්ක ප‍්‍රනාන්දු තම වගකීම පැහැර හරිද්දී පන්දු යවන්නේකු ලෙස නැවතත් තම පිතිකරණය මවුහත් කර ගැනීමට ඉසුරු උදාන සමත් විය. පන්දු 23කදී ලකුණු 36ක් වාර්තා කළ ඉසුරුගේ ඉනිමට හයේ පහර 4ක් ඇතුළත් විය.

ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 42කට සීමා කරමින් ලකුණු 8කට ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත් කිරීමට ඞ්වෝන් පිටෝරියස් සමත් විය. ප‍්‍රවේගකාරි ඉනිමක් දියත් කළ නිරෝෂන් දික්වැල්ල පන්දු 22කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 38ක් ලබා ගැනීමට සමත් විය. පන්දුවාර 10.4කදී ශී‍්‍ර ලංකා ඉනිම කඩුලූ 6ක් දැවී ලකුණු 111ක් ව තිබියදී කී‍්‍රඩාපිටියට වර්ෂාව පතිතවීමෙන් තරගය පන්දුවාර 17කට සීමාවූ අතර ජයග‍්‍රාහි ඉලක්කය ලකුණු 183ක් බවට පත්විය.

ඊයේ කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අපි‍්‍රකාවට ලබා දුන්නේය. ඒ අනුව දකුණු අපි‍්‍රකානු ඉනිමේ පළමු කඩුල්ල මුළු ලකුණු 37දී බිඳ දැමීමට සුරංග ලක්මාල් සමත් විය. එහිදී ශී‍්‍ර ලංකා නායකයා අතට උඩපන්දුවක් ලබා දෙමින් ආරම්භක පිතිකරු ඒඞ්න් මාක‍්‍රම් දැවී යද්දී ඔහු ලබා සිටියේ ලකුණු 15ක් පමණි.

අනතුරුව රීසා හෙන්ඩි‍්‍රක්ස් සමග එකතු වූ ඞ්වෝන් පිටෝරියස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක් දකුණු අපි‍්‍රකානු ඉනිමට එකතු කිරීමට සමත් විය. ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ හෙන්ඩි‍්‍රක්ස් දැවී යද්දී පන්දු 52කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 66ක් ලබා ගැනීමට ඔහු සමත් වී සිටියේය. දකුණු අපි‍්‍රකානු ඉනිම දැවැන්ත ලකුණු පුවරුවක් කරා රැුගෙන යෑමට වැඩි දායකත්වයක් සැපයූ ඞ්වෝන් පිටෝරියස් නොදැවී ලකුණු 77ක් වාර්තා කිරීමට සමත් වූයේ පන්දු 42කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක්
සමගිනි.

ලකුණු සටහන

දකුණු අපි‍්‍රකාව පන්දුවාර 20දී කඩුලූ 2ක් දැවී ලකුණු 198යි (ඒඞ්න් මාක‍්‍රම් 15, රිසා හෙන්ඩි‍්‍රක්ස් 66, ඞ්වෝන් පිටෝරියස් 77, ජේ.පී. ඩුමිනි (නොදැවී* 34, සුරංග ලක්මාල් 38/1, ජෙෆ්රි වැන්ඩසේ 35/1*
ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 15.4කදී සියලූදෙනා දැවී ලකුණු 137යි (නිරෝෂන් දික්වැල්ල 38, ඇන්ජලෝ පෙරේරා 15, ඉසුරු උදාන 36, ජුනියර් ඩාලා 29/2, ඇන්ඞීල් පෙලූක්වායෝ 24/4, සිපම්ලා 22/2*

Related posts

දයාසිරි සුසන්තිකාට ඉන්ටර්නැෂනල් වැඩක් දෙයි !

colombotoday

 විශිෂ්ට ජයක් සමඟ එංගලන්තය අවසන් මහා තරඟයට

Admin

කාසියේ වාසිය එංගලන්තයට… රංගන හේරත් අවසන් වරට ජාත්‍යන්තර තරග බිමේ…

colombotoday

දසුන් ශානකගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ජය

colombotoday

රොනාල්ඩෝ සෞදියේ නීතියක් කඩකරයි

Admin

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin