Colombo Today Local NewsColombo Today Sports News

ලන්කන් ප්‍රිමියර් ලීග් තරඟාවලියට පැමිණි සොහේල් තන්වීර්ට කොරෝනා

ලන්කන් ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි පාකිස්තානු ජාතික තුන් ඉරියව් ක්‍රීඩක සොහේල් තන්වීර්ට කෙරෝනා වයිරසයි ආසාදන වී ඇතැයි වාර්තා වේ. ඔහුට වයිරසය ආසාදනය වී ඇත බවට තහවුරු වී ඇත්තේ‍ දිවයිනට පැමිණිමෙන් අනතුරුව මුහුණදුන් පී.සී.ආර්. පරීක්ෂණයේදීය.

ලයාම් ප්ලන්කට් සහ වහබ් රියාස් තරගාවලියෙන් ඉවත් වීමෙන් පසුව සොහේල් තන්වීර් මහනුවර ටස්කර්ස් පිලටත් උස්මන් ෂින්වාරි යාපනය ස්ටැලියන්ස් පිලටත් එක්වූහ. මේ දෙදෙනාම එකම බසයේ පැමිණි අතර දෙදෙනාම මුව ආවරණ පැළඳ සිට නැත.

“මේ සංචාරයේදී වැඩියෙන්ම නිදාගන්න පුළුවන් කාටද… ෂින්වාරි නම් බස්එකේදීම පටන් ගත්තා“ යයි සොහේල් තන්වීර් ට්විටර් පණිවුඩයක් සිය නිල ට්විටර් ගිණුමට එක්කර තිබිණ.

කොළඹ කිංග්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි කැනේඩියානු ක්‍රීඩක රවින්ද්‍රපාල් සිංටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය. ඔහු සමග එකම ගුවන් යානයේ පැමිණි කොදෙව් ක්‍රීඩක ඔන්ඩ්‍රි රසල් මේ වන විට නිරෝධායනයට යවා තිබේ.

Related posts

හරීන් මහා ඉඩම් මංකොල්ලයක

Admin

මෙවර අයවැයෙන් එක් ග්‍රාම නිලධාරි වසමකට මිලියන 200ක්

colombotoday

සොත්ති උපාලිගේ පුතා මදිවාට දුවත් ජාවාරමේ. පාතාලයේ අලුත්ම තත්ත්වය.

colombotoday

වැලිකඩ – කොළඹ බන්ධනාගාර කිහිපයක් හොරණට.

colombotoday

සහජීවනය සිරිකොතෙන් දෝරෙ ගලයි.. මුජිබර් රහුමාන් බුද්ධාගමට මහ දවාලේ අපහාස කරයි (Video)

colombotoday

වල්සපුගල ගොවි සත්‍යග්‍රහය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි

colombotoday