Colombo Today Local News

ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ්‍රීලනිපයට දැනුම් දෙයි ! 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කරන්නටනම් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනීප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවත් අයවැයට  විරුද්ධව ඡන්දය භාවිත කර පෙන්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.

මේ බව ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දෙනු ලැබ ඇතැයි ද වාර්තා වෙයි.

“ශ්‍රීලනීප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ අයවැය පරාජය කිරිමයි. මේ 09 වැනිදා අයවැය ඡන්ද විමසීමට විරුද්ධව ඡන්දය භාවිත කර ඔවුන්ගේ අවංකභාවය පෙන්විය යුතුයි. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණයට අපිට එකට එකතුවෙලා තරග කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඉවත්වෙන්නේ නැතිනම් අපි පොහොට්ටුවෙන් තරග කරනවා “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (28) පැවැත්වු සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළැඹුණු බවද ඒ මහතා කියයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පවත්වා තිබේ.අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර්  09 දා පාර්ලිමේන්තුවේදි පැවැත්වීමට නියමිතය.

 

Related posts

රහතුන් වහන්සේ වැඩ සිටි කුරගල මුස්ලිම් පුද බිමක් වුණ හැටි, ඔබ නොදැන සිටි කතාව මෙන්න

colombotoday

උපවාසයේ නියුතු හිමිනම එම ස්ථානයේම අපවත් කරවීමේ සැලසුමක්… උපවාසය අත්නොහරින්නැයි දැඩි බලපෑම් !

colombotoday

Breaking : දෙපිරිසක් අතර ගැටුමක්.. ගිංතොට නොසන්සුන් !

colombotoday

හොරකමයි දූෂණයයි දැන් නෑ

Admin

ඉස්ලාම් අන්තවාදය ලෝකෙටම පිළිකාවක් වෙලා.. දැන්ම අතුගා නොදැම්මොත් දුක් විදින්නේ අනාගත පරපුරයි

colombotoday

උසස් පෙළ විභාගය කල් යයි

colombotoday