Colombo Today Local News

රට අස්ථාවරයි.. කොටස් වෙළදපල කඩා වැටේ.. රුපියල බාල්දුයි.. සුරැකුම්පත් විකුණා ආයෝජකයෝ රටින් පිටවේ..

පළාත්පාලන මැතිවරණයේදී ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙක ලැබූ පරාජයෙන් පසුව රට තුළ උද්ගතව තිබෙන දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් කොළඹ කොටස් වෙළදපල දැඩි පසුබෑමකට ලක්ව ඇත.

මූළ්‍ය වෙළදපල විශ්ලේෂකයන් පවසන්නේ රුපියලේ අගයද වේගයෙන් අවප්‍රමාණය වෙමින් පවතින බවයි. විදේශ ආයෝජකයන් විසින් රජයේ සුරැකුම්පත් විකුණා දමා රටින් පිටව යෑමට දැඩි උනන්දුවකින් කටයුතු කිරීම මෙම තත්ත්වය හේතුව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

මේ තත්වය මත රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ආනයන වියදම් සීඝ‍්‍රයෙන් ඉහල ගොස් ජීවන වියදම, උද්ධමනය, පොලී අනුපාතද ඉහල ගොස් ජන ජීවිතය මුළුමනින්ම කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බවද විචාරක මතය වී තිබේ.

Related posts

‘ඒකීයභාවය අහෝසි කිරීමට එකගවුණා.. අපි ඉල්ලන ෆෙඩරල් ක්‍රමය ගැන දැන්ම හෙළිකරන්නෑ‘ – TNA

colombotoday

යාපනයේ හොර නෝට්ටු මුද්‍රණාලයක් වටලයි

colombotoday

උමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයි

Admin

උපරිමයෙන් බලය බෙදනවා – දෙමළ සන්ධානයට සජිත්ගෙන් කොළ එළි !

colombotoday

“සයිනොෆාම්” දෙවන එන්නත් තොගය, අද සිටම එන්නත්කරණයට. | ජනාධිපති උපදෙස් දෙයි.

colombotoday

“සයිටම් දරුවගෙ අප්පච්චී මහින්දයි.. දැන් උප්පැන්නෙ දෙන්න බෑලු“ – අමුණුගම

colombotoday