Colombo Today Local News

ශ්‍රීලනිපය ඉවත් වීමට තීරණය කරයි… ජාතික ආණ්ඩුව අවසන්… එජාප තනි ආණ්ඩුවක්

ජාතික ආණ්ඩුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් ඉන් ඉවත්ව යෑමට ගත් තීරණයත් සමග තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක් පවතී.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී ඊට සහය දැක්වූ ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන් ඇතුළු 16 දෙනා සිය තනතුරු අත්හැර විපක්ෂයට යෑමට ගත් තීන්දුවත් සමග තනි එජාප ආණ්ඩුව පිහිටුවීමේ අවදානම මතුවී තිබෙන බව ආණ්ඩුව අභ්‍යන්තරයේ ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.

විශ්වාසභංග යෝජනාවෙන් අගමැති වික්‍රමසිංහ ජයග්‍රහණය කර ඇති බැවින් තනි එජාප ආණ්ඩුවක් ලෙස ඔවුන්ගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට ඉඩදී සන්ධානයේ කණ්ඩායම එහි වගකීමෙන් ඉවත්වීම වඩාත් සුදුසු බව තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටින ශ්‍රීලනිප කණ්ඩායමේද අදහස වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ඉවත්ව යෑමත් සමග ආණ්ඩුවට බහුතරය අහිමි වී වන බැවින් ඉදිරි ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් වන බවද දේශපාලන විචාරකයෝ පවසති.

ලක්බිම

Related posts

වරාය සේවකයින් වැඩ වර්ජන නවතා දැමීමට එකඟ වෙලා

colombotoday

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරනවා – නෝර්වේ තානාපතිගෙන් පණිවිඩයක්

colombotoday

පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කෙරේ.

colombotoday

බැදුම්කර කොමිසම නිසා ජනපතිට ජීවිත තර්ජණ !

colombotoday

නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ නීති කඩවීම් 2566ක්

colombotoday

ගුරු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල පීඨ දක්වා උසස් කිරීමට කැබිනට් අනුමැතිය..!!

colombotoday