Colombo Today Local News

චීනය පැය 48න් රෝහලක් හදද්දී අපේ හමුදාවත් පැය 48න් දියතලාවේ රෝහලක් හදයි !

කොරෝනා වයිරසය බහුල වශයෙන් පැතිර තිබෙන චීනයේ වූහාන් ප්‍රදේශයේ සිරවී සිටින ලාංකික සිසු සිසුවියන් පිරිස මෙරටට රැගෙනවිත් නිරීක්ෂණය කිරීම සඳහා දින දෙකක් ඇතුළත දියතලාව හමුදා කඳවුරු පරිශ්‍රයේ විශේෂිත වූ රෝහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට යුද හමුදාව තීරණය කර තිබේ. 

විසබීජ පිටතට නොයන ලෙසට තනි තනි කාමර වශයෙන් මෙය ඉදිවන බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

කොරෝනා වයිරසය දෙසතියක පමණ කාලයක් ශරීරයේ තිබී සක්‍රිය වන අතර වූහාන් නගරයේ සිට සිසු සිසුවියන් පැමිණියහොත් දෙසතියක පමණ කාලයක් මෙම සුරක්ෂිත කාමරවල නේවාසිකව තැබීම සඳහා මෙම නව රෝහල් ගොඩනැඟිල්ල ඉදිකරන බවද යුද හමුදාව පවසයි.

දැනට චීනයේ වූහාන් ප්‍රදේශයේ සිසු සිසුවියන් 33දෙනකු පමණ සිටින අතර ඔවුන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමද සූදානමින් සිටියි.

එහෙත් වූහාන් ප්‍රදේශයෙන් කිසිවකුට පිටවීම සඳහා මෙතෙක් එරට රජයෙන් අවසර ලැබී නැති අතර එම අවසරය ලැබුණු වහාම ඔවුන්ව දිවයිනට රැගෙන ඒමට නියමිතය.

විශේෂිත ගුවන් යානයකින් ඔවුන්ව මෙරටට රැගෙන ඒමෙන් පසුව දියතලාව කඳවුරේ පිහිටි මෙම විශේෂිත රෝහල් ගොඩනැඟිල්ලට අධීක්ෂණය සඳහා රැගෙන යෑමට නියමිතව ඇත. 

දියතලාව කඳවුරේ , යුද හමුදා රෝහල් පරිශ්‍රයේ ඉදිවන මෙම ගොඩනැඟිල්ලේ එක් එක් කාමරයක වෙන වෙනම වැසිකිළි කැසිකිළි පහසුකම් පවතින බවද යුද හමුදාව පවසයි.

චාමර අමරසූරිය

Related posts

වසරක් තුළ මෙරට ආහාර උද්ධමනය දස ගුණයකින් ඉහළට

colombotoday

සිම්බාබ්වේ හමුදාව පාලන බලය අල්ලයි.. ජනපති මුගාබේ අත්අඩංගුවට !

colombotoday

හෙරොයින් සමග සැකකරුවෙක් කොටු

colombotoday

කථානායක කරූ තමන්ගේ බෑනාව රජකරවන්න හැමෝම කඩේ යවනවා – ජයරත්න හේරත්

colombotoday

මතුගම දෙමහල් නිවසක සඟවා තිබූ රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය සමග රිවෝල්වරයක් සොයා ගැනේ

colombotoday

අටුළුගම ගිය කහවත්තෙ පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායනයට

colombotoday