Colombo Today Local Newsfeatured

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැති කොවිඩ් එන්නතක් ගෙනවිත් ලංකාවේ ජනතාව යොදා පර්යේෂණ කීරීමේ සූදානමක් !

චීනයේ නිෂ්පාදිත “සයිනෝෆාම්” නැමැති කොරෝනා එන්නත සදහා මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව නැති බවත්, එසේ තිබියදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය ‌විසින් එම එන්නත ශ්‍රි ලංකාවට ගෙන්වීම සදහා අනුමැතිය ලබා දී ඇති බවත් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කර සිටිනවා. සායනික පරීක්ෂණ පවා අවසන්කර නොමැති මෙම එන්නත ලංකාවට ගෙන ඒමට විරුද්ධව විශේෂඥ වෛද්‍යවරු විසින් සිය විරෝධය පළකර ඇති බවත් පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියාද සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කර සිටිනවා.

2021/03/31 දින මෙම එන්නත් ලක්ෂ හයක් මෙරටට ගෙනඒමට නියමිතව ඇති බවත් මෙම එන්නත ලංකාවට ගෙන එනු ලබන්නේ චීන ජාතිකයින්ට එන්නත් කිරීම සදහා වන බව සමහර පාර්ශව ප්‍රකාශ කලද චීන ජාතිකයින් ලක්ෂ 6 ක් මෙරට සිටිනවාද යන්න ගැටලුක් බවයි මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ.

සායනික පරික්ෂාව නිමකර නැති එන්නතක්.

සායනික පරික්ෂාව නිමකර නැති හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව නැති මෙම එන්නත ලංකාවට ගෙන ඒම පිලිබදව හා එම එන්නත් මෙරට ජනතාවට ලබාදීම පිළිබදව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ දැඩි විරෝධය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රකාශ කරන බවත් එම එන්නත මෙරට ජනතාවට ලබා නොදීම සදහා වන සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ද දැනුම් දෙන බවයි විතානගේ මහතා අවධාරණය කර සිටියි.

“සායනික පර්යේෂණවලට යොදා ගැනීම සදහා මේ රටේ ජනතාව මීයන් හා බළලුන් නොවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දන්වනු ලබන අතර චීනය විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩවල ගුණාත්මක බව හා ප්‍රමිතිය පාරිභෝගිකයින් ප්‍රශ්ණ කරන මෙම අවධියේ එන්නතක් වැනි ජනතාවට සෘජුවම බලපානු ලබන ඖෂධයක් ගෙනඒම පිටුපස විශාල දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවී ඇද්ද යන්න පිළිබදවද අප සොයා බලමින් සිටී.”

රටේ ජනතාව ආරක්ෂා කිරීම සදහා නුවණ පෑදේවා

“ඉංග්‍රිසි ජාතිකයින් විසින් දෙල් හා වෙනත් සමහර ආහාර මෙරටට රැගෙන ආවේ මෙරට ජනතාව විනාශ කිරීමට බවද, අපේ රටේ එවකට සිටි ජනතාව දෙල් සමග පොල් අනුභව කිරීම නිසා එම විනාශයෙන් මෙරට ජනතාව ආරක්ෂා වූ බවද අප අමකත කලයුතු නැතුවාසේම චීනය විසින් ලෝකයට කොරෝනා වෛරසය ව්‍යාප්ත කලා යන චෝදනාවද තවමත් අප බැහැර කලයුතු නැත.”

“චීනයේ පදයට නටන මෙරට පාලකියින්ට අප රටේ ජනතාව ආරක්ෂා කිරීම සදහා නුවණ පෑදේවා යන්න අපි ප්‍රාර්ථනා කරමු.”

Related posts

ඊයේ කලබල කල සියල්ලෝම අත්අඩංගුවට ගනු – හෝමාගම අධිකරණයෙන් පොලිසියට නියෝග

colombotoday

X-Press Pearl වන්දි නඩුව පවරන්න අධිකරණ ඇමතිගෙන් නීතිපතිට උපදෙස්

Admin

සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

කුකුළු ගොවිපලක ගැටුමක් බේරන්න ගිය පොලිසියේ දෙදෙනෙකුට කඩු පහර

colombotoday

රිෂාර්ඩ්ගේ සොහොයුරා නිදහස් කළේ කෙසේද ? නීතිපතිවරයා හෙට CID ප්‍රධානීන්ව කැඳවයි.

colombotoday

හමුදාව සතු උතුරේ ඉඩම් ගැන TNA සාකච්ඡා.. පළාලි අධි ආරක්ෂිතයත් ඉවත් කරන්න ඉල්ලයි !

colombotoday