Colombo Today Local News

“එලවා දමමු දැන් රට කන මේ හැත්ත..” – ජනපති අමුතු කවියක් කියයි (Video)

කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ පැවති පොතක් එළිදැක්වීමේ උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතීතාවර්ජනයක යෙදුනේය.

අසූ ගනන් වලදී බණ්ඩාරනායක මැතිණිය සමග ගුවනින් ත්‍රිකුණාමලයට යද්දී එහි ගමන් කළ අමරබන්දු රූපසිංහ නම් මාධ්‍ය වේදියෙක් මැතිණියගේ සාරියට වමනය දැමූ හැටි හෙතෙම සිහිපත් කළේය.

තමා කුමන රාජකාරී තිබුණත් රාත්‍රි දහය පමණ වන විට නිදා ගන්නා පුද්ගලයෙකු බවත්, තමන් ජනපතිවරණය ජයගෙන ඇති බව දැනගත්තේ නිදා සිටියදී පැමිණි දුරකථන ඇමතුමකින් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. ආරංචිය දැනත් පසු තමන් බිරිදට දුරකථනය දී අනිත්පස හැරී නිදාගත් බවද හෙතෙම පවසා සිටියේය.

‘රැකලා දුන්නෙ ණය ගත් ධනපති රොත්ත
කපලා දමනු බැරි ඇති ගොවි ණය ගත්ත
බැදිලා සමගියෙන් ඔසවා දෑකැත්ත
එලවා දමමු දැන් රට කන මේ හැත්ත’

යයි කවියක්ද ජනාධිපතිවරයා එහිදී ගායනා කලේය.

Related posts

භාණ්ඩ හයක මිළ පහතට !

colombotoday

18 ට වැඩි සැමට රජයෙන් ආදායම් බදු ලිපිගොණුවක්… සියළු ගණුදෙනු නිරීක්ෂණය කරයි

colombotoday

හපුතලේ කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු මෙන්න. යානය ගුවන් හමුදාවට අයත් එකක්

colombotoday

සම්බුදු උපත සැපතකි

colombotoday

එන්නත් නොගත් අයට බස් ගමන් තහනම් වන ලකුණු

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාව UN සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නවත්වයි

colombotoday