Colombo Today Local News

රටේ නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත්වෙනවා

ස්වාධීන අධිකරණයට බලපෑම් කිරීමට මැදිහත් නොවුවද රටේ නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම සඳහා රජය මැදිහත් වන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඊයේ (25) දින කැබිතිගොල්ලෑව නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ කීහ.

වර්තමානයේ පවතින රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය පෞද්ගලීකරණය කොට නිදහස් අධ්‍යාපනය යන සංකල්පය කිසිවිටෙක ඉවත් කිරීමට කටයුතු නොකරන බවත් නිසි ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට ඇති වීම පිළිබඳව විරුද්ධත්වයක් ද නැති බව රාජ්‍ය ඇමැතිවරයා එහිදී වැඩි දුරටත් පැවසුහ.

එහිදී අදහස් දැක්වූ ශෙහාන් සේමසිංහ මහතා,
රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ දී සිදුවූ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී, ඇතැම් කණ්ඩායම් වලින් බලපෑම් එල්ල වෙමින් පවතිනවා. නමුත් එම දැරියට සාධාරණයක් ඉටු කිරිම සඳහා රජය උපරිම සහාය ලබාදෙන්න සූදානම් . වත්මන් රජයට විරුද්ධව කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි සංවිධාන මේ මොහොතේ පෙරමුණට පැමිණිය යුතුයි .ඒ වගේම රට තුළ පවතින ස්වාධීන අධිකරණයන්ට රජය කිසි විටක බලපෑම් කිරීමට කටයුතු කරන්නේ නෑ. වත්මන් රජය නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනීසිටින සිටිනවා.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

ගෝඨාභයගේ නගර පිරිසිදු කිරීමෙන් කොළඹ 07 සිටි බල්ලන් අතුරුදන්කරලා… අපි විරෝධය දක්වනවා – පෙරටුගාමීන්

colombotoday

මැති – ඇමතිවරු ජනතාව වෙනුවෙන් අයවැය අහපු හැටි මෙන්න (PHOTOS)

colombotoday

‘ඕන ගොනා‘ පුවතින් මුස්ලිම් පෙම්වතා කිපෙයි.. තොරතුරු දුන් අය සොයා අමාත්‍යාංශය පීරයි !

colombotoday

ශ්‍රී ලාංකික පර්යේෂිකාවක් අධි තාක්ෂණියෙන් යුතු ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින නව ඇඳුමක් නිර්මාණය කරයි.

colombotoday

‘අතකස’ සංවත්සර සභාවේ ජනපති කවි කියයි

colombotoday

නිවස අසල කඩේට ගිය පහළොස් හැවිරිදි දැරිය අතුරුදන්

Admin