Colombo Today Local News

වත්මන් රජය ජනතා සුබ සාධන මුදල් කප්පාදු කර නෑ. | තෙල් මිල වැඩි කලේ අකමැත්තෙන්

2015වර්ෂයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රජය බාරදෙන විට මෙරට තිබූ ශක්තිමත් ආර්ථික තත්ත්වයෙන්ම මේ රට 2019 දී විපක්ෂ නායකයා ඇතුලු කණ්ඩායම නියෝජනය කළ ආණ්ඩුව නැවතත් වත්මන් රජයට භාර දුන්නානම් මේ වන විට රටේ පවතින තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබූ බවත් ලෝක වෙලද පොලේ බොර තෙල් මිල සීග්‍රයෙන් ඉහල යාම හේතුවෙන් මෙරට තෙල් මිල වැඩි කිරීමට සිදු වූ බව සමෘද්ධි,ගෘහ ආර්ථික, ක්ෂ්ද්‍ර මූල්‍ය , ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

නමුත් මේ වන තෙක් කිසිදු අවස්තාවක වත්මන් රජය ජනතා සුබ සාධන මුදල් කප්පාදු කර නොමැති බවත් දැනට පවතින ලෝක වසංගත තත්ත්වය හමුවේ තෙල් මිල වැඩි කිරීම පිළිබඳ රජය ගත් තීරණය අකමැත්තෙන් ගත් තීරණයක් බව රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඊයේ (14) මැදවච්චිය නගරයේදී අප කළ විමසීමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය,
තෙල් මිල වැඩි නොවුණානම් හොදයි. එයට විවාධයක් නෑ. ලෝක වෙළඳපොලේ තෙල් මිල සීග්‍රයෙන් ඉහල ගොස් තිබෙනවා. එයට සාපේක්ෂව අපේ රටේ තෙල් මිල ඉහල යාමක් සිදු වුණා. මේ තීරණය රජය අකමැත්තෙන් ගත් තීරණයක් විය යුතුයි.

අමතක කරන්න එපා ලෝකයේ දියුණු රටවල් වලට නොදෙවැනි කොරෝනා මර්දනයක් අපි මේ රට තුළ ගෙනියනවා. එහෙම කියලා අපි කිසිම අවස්තාවක ජනතා සුබ සාධන මුදල් කප්පාදුවකට ලක් කරලා නෑ. මෙරට සිටින ලක්ෂ 15කට වඩා වැඩි රාජ්‍ය සේවක පිරිසකට වැටුප් රට වසා තිබුණත් කප්පාදුවකින් තොරව ලබා දෙනවා මේ වන විටත්. විශාම වැටුප් ඒ ආකාරයෙන්ම ලබා දෙනවා. අනිතුත් දීමනාත් ඒ අයුරුන්ම ජනතාවට ලබා දෙමින් පවතිනවා.
රජය කිසිම අවස්තාවක ජනතාවට බර පැටවීමට සූදානම් නෑ. නමුත් මේ පවතින අර්බුදකාරි තත්ත්වයන් මත වෙනත් විකල්ප නොමැති නිසා තෙල් මිල වැඩි කරන්න සිදු වුණා. නමුත් තෙල් මිල වැඩි නොවුනානම් මම හිතනවා මේ අවස්තාවේදී අපි සියලු දෙනාටම හොදයි කියලා.

2015වර්ෂයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රජය බාරදෙන විට මෙරට තිබූ ශක්තිමත් ආර්ථික තත්ත්වයෙන්ම මේ රට 2019 දී විපක්ෂ නායකයා ඇතුලු කණ්ඩායම නියෝජනය කළ ආණ්ඩුව නැවතත් වත්මන් රජයට භාර දුන්නානම් මේ වන විට රටේ පවතින තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබූණා.

මැදවච්චිය – සජිත් ගයාන්

Related posts

හම්බන්තොට වරාය විකුණන්නේ නැතිව බෑ… පඩි ගෙවන්න.. වියදමට සල්ලි නෑ.. – ජනපති

colombotoday

ප්‍රබල ජනබලයක් ඉදිරියට ආවොත් මේ ආණ්ඩුවට ඇපත් නෑ – ලාල් කාන්ත

colombotoday

2015 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ

colombotoday

යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කෙරේ

colombotoday

අයි ඩී එච් රෝහල කොවිඩ් රෝගීන් ගෙන් පිරේ

colombotoday

“දැන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නිසා උතුරේ අයටත් ෆෙඩරල් ඉල්ලන්න අයිතිය ලැබී තිබෙනවා” – උතුරු පළාත් ආණ්ඩුකාර

colombotoday