Colombo Today Local News

කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේදී වෛද්‍ය සංගම් නිශ්ශබ්දව සිට මාධ්‍යයට කතා කිරීම ප්‍රහේලිකාවක්

රට තව සති දෙකක් වසා දමන්නැයි මාධ්‍ය ඉදිරියට ගොස් ඉල්ලීම් කරන ඇතැම් වෛද්‍ය සංගම් කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදී ඒ ගැන කතා නොකළේ මන්දැයි ප්‍රහේලිකාවක් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රට සති දෙකක් වසා දමන්නැයි කියන වෛද්‍ය සංගම්වල නියෝජිතයන් ඒ කාර්ය සාධක බලකා රැස්වීමට සහභාගී වූයේ යැයි ද යුද හමුදාපතිවරයා කීවේය.

කියන දෙයක් ජනාධිපතිතුමා සිටින රැස්වීමේදී ප්‍රකාශ කළේ නම් ඒ ගැන නම් පුළුල්ව සාකච්ඡා කර යම් තීරණයක් ගැනීමට අවකාශ සැලසෙන බවත් රැස්වීමේදී කතා නොකළ දෙයක් පසුව රූපවාහිනි ප්‍රවෘත්ති ප්‍රකාශවලදී අසන්නට ලැබුණු බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

සාකච්ඡාව අවසානයේදී තවත් කිරීමට අතපසු වූ දේවල් ඇත්දැයි වෛද්‍යවරුන්ගෙන් විමසන බව පැවසූ යුද හමුදාපතිවරයා ඒ කිසිම අවස්ථාවකදී මෙවැනි කාරණයක් ගැන අදහසක් ඉදිරිපත් නොවූ බවද පැවසුවේය

පසුගිය සාකච්ඡාවලදී වෛද්‍ය විශේෂඥයන්ගේ ඉල්ලීම් අනුව රටපුරා විවිධ සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව කී හමුදාපතිවරයා සියලු කොරෝනා පාලන කටයුතු සිදු කරන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව යැයි ද අවධාරණය කළේය .

වෛද්‍ය විශේෂඥයන්ගේ ඉල්ලීම් ඉවත දැමීමට සූදානමක් නැතැයි ඔහු වැඩිදුරටත් කීය .

Related posts

මම ග‍්‍රාමසේවක කාලෙත් ගමේ අරක්කුකාරයන්ට හා කසිප්පුකාරයන්ට මාව හිසරදයක් වුණා

colombotoday

සුරා බද්දේ හිඟ මුදල් මිලියන ගණනක් දෙපාර්තමේන්තුවට ගෙවා නැහැ

colombotoday

කොරෝනා නීති කඩ කළ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය හූල්ට නඩු

colombotoday

තේ පොහොර වර්ග තුනක මිල 2000කින් අඩු කරන්න ඇමතිගෙන් උපදෙස්

Admin

ද්‍රවිඩ සන්ධාන ඉල්ලීම ඉටුවේ.. මන්නාරම STF කදවුර ගලවා ඉවත් කෙරේ

colombotoday

සුරාබදු නිලධාරියෙක් ඇතුළු පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

colombotoday