Colombo Today Local News

ජනපති ඉදිරියේ නව පළාත් ආණ්ඩුකාරවරු 7දෙනෙක් දිවුරුම් දෙයි

පළාත් 7 ක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන් අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හේමකුමාර නානායක්කාර පත් කර ඇති අතර, ඔහු මීට පෙර දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය දැරීය.

උතුර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රෙජිනෝල්ඞ් කුරේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි පත්කර ඇත්තේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ කේ.සී. ලෝගේෂ්වරන් පත්කර ඇත්තේ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙසටයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළ නිලූකා ඒකනායක සබරගමුව පළාතටත්, එම පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා වූ මාර්ෂල් පෙරේරා දකුණු පළාත සඳහාත් පත් කර තිබෙනවා.

උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර කටයුතු කළ පී.බී. දිසානායක ඌව පළාතටත් පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ඌව පළාත් හිටපු ආණ්ඩුකාරවරයා වූ එම්.පී. ජයසිංහ පත්කර ඇත්තේ උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි.

Related posts

හොඳම උපකල්පනයට අනුව විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළට

Admin

බස් මගීන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න BAD BUS

colombotoday

මහින්දගේ ගමනට මෝදිගේ සූභ පැතුම

colombotoday

පළමුව ජනමත විචාරණය.. පළාත් පාලන මැතිවරණය ඉන් පසු !

colombotoday

ජනපතිගේ ප්‍රකාශයට දැඩි විරෝධය.. ජවිපෙ සිරිකොතේ හිටගෙන යුධ ප්‍රකාශ කරයි !

colombotoday

විදුලි බල මණ්ඩලයේ සභාපති පුටුව ධම්මික පෙරේරාට !

colombotoday