Colombo Today Local News

සේරුවිල රජමහා විහාරයේ කටයුතුවලට මහනායක හිමියන්ට මැදිහත් වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්. | කිරිබත්ගොඩ ඥානානන්ද හිමිට චෝදනා. | නීතිඥයා අලි සබ්‍රිගේ ජේෂ්ඨතම කනිෂ්ඨයෙක්. Updated

මෙම පුවතේ මීට ඉහතදී “සේරුවිල රජමහා විහාරයට මහනායක හිමියන්ට ඇතුල් වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්.” යනුවෙන් සඳහන් කර තිබුනේ අත්වැරදීමකින් බවත් එය “සේරුවිල රජමහා විහාරයේ කටයුතුවලට මහනායක හිමියන්ට මැදිහත් වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්.” ලෙස නිවැරදි විය යුතු බැවින් එය නිවැරදි කිරීමට කටයුතු කරන බවත් පාඨකයන්ට දන්වමි.

මෙම අතපසුවීමෙන් යම් පාර්ශවයකට සිත් තැවුලක් ඇතිවුවේ නම් ඒ පිළිබඳව Colombo Today කනගාටුව පළකර සිටිමු.

ඓතිහාසික සේරුවිල රජ මහා විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු පුරප්පාඩු වු සේරුවිල රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති ධූරය පිළිබඳව මතභේදාත්මක තත්වයක් හටගත් බැවින් එම විහාරස්ථානයේ හිමිකාරිත්වය සතු අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ අතිගරු මහා නායක, මහා මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත පරම පූජනීය දොඩම්පහළ චන්ද්‍රසිරි මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ යටතට පත්කිරීමට එම සංඝ සභාව තීන්දු කරන ලදි.

කෙසේ වෙතත් පූජ්‍ය අලුදෙනියේ සුබෝධි හිමි නැමති භික්ෂුන් වහන්සේ විසින් තමන් වහන්සේ සේරුවිල රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස පෙනී සිටිමින් මහනායක හිමියන් ඇතුළු තවත් භික්ෂුන් වහන්සේලා පිරිසකට බුදුන්ගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති සේරුවිල රජමහාකටයුතුවලට මැදිහත් වීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණයෙන් පසුගිය මැයි 21 වන දින තහනම් නියෝගයක් ගෙන තිබෙනවා.

මේ සිද්ධිය පිළිබඳව භික්ෂුන් වහන්සේලාගේ චෝදනාව ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාටත් පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමිටත් එල්ල වෙමින් පවතියි.

එයට හේතුව වන්නේ පූජ්‍ය අලුදෙනියේ සුබෝධි නැමති භික්ෂුන් වහන්සේ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ ගෝල භික්ෂුන් වහන්සේ නමක් වීම නිසාය

මහනායක හිමියන්ට විහාරයේ කටයුතුවලට මැදිහත් වීම තහනම් කල නියෝගය ලබා ගැනීම සඳහා අධිකරණයේ පෙනී සිට ඇත්තේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ජේෂ්ඨතම කනිෂ්ඨ නීතිඥයෙක් වන සංජීව දසනායක මහතායි. අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍යධුරය භාරගැනීමෙන් පසු ඔහු පෙනී සිටි නඩු බොහොමයකට අධිකරණයේ පෙනී සිටින්නේ සංජීව දසනායක මහතායි.

පසුගිය ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දුන් බැවින් සේරුවිල රජමහා විහාරය තමන්ට ලබා ගැනීමට උදව් කරන ලෙස කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ ඉල්ලා ඇති බවත් ජනාධිපතිවරයා මාර්ගයෙන් අලි සබ්‍රි මහතාගේ කනිෂ්ඨ නීතිඥයා ලවා මෙම තහනම් නියෝගය ලබාගෙන ඇති බවට අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ ජේෂ්ඨ සංඝ සභික හිමිවරු සැක පළකර සිටිති.

කෙසේ වෙතත් පරම පුජනීය ස්ථානයක් නීතිය අවභාවිතා කර මහනායක හිමිට පවා තර්ජනය කරමින් ලබා ගැනීමට ඉඩ නොදීමට එම හිමිවරු ඒකමතිකව අධිෂ්ඨාන කරගෙන ඇත.

අම්මා මුත්තා කලෙකදීවත් අසා නැති මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේලාගේ අවධානය යොමු වී ඇති අතර සියලුම සංඝ සභා එකතුවී ඉදිරියේදී ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් මේ පිළිබඳව කරුණු විමසීමට බලාපොරොත්තුවෙන් සිටිති.

Related posts

හිටපු CID අධ්‍යක්ෂ ශානි සේවයෙන් පහ කෙරේ

colombotoday

ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවෙිදනයක්

Admin

හෙටත් පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

තවත් හඩපට තියනවා.. සේරම එළියට දානවා… පාර්ලිමේන්තුව ගිනියම් කරමින් රන්ජන් සභාව අමතයි….

colombotoday

අගමැති පත්වීම පිළිබඳව අදහස් පළකිරීම සුදුසු නෑ. නීතිපති කථානායකට පිළිතුරු දෙයි

colombotoday

භූමිතෙල් සහනාධාරයෙන් රජයට දෛනිකව ලක්ෂ 57ක පාඩුවක් !

colombotoday