Colombo Today Local News

ගුරු වර්ජණයෙන් පාසල් සියයට 90ක වැඩකටයුතු අඩපණයි…

පාසල් 10162න් 90%ක වැඩකටයුතු අඩපණ වී තිබෙන බවත් විදුහල්පතිවරුන් 15,000කට අධික ප්‍රමාණයකින් 72%ක් ලෙඩ නිවාඩු වාර්තාකර තිබෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් එකමුතුව සඳහන් කරයි.

ගුරුවරුන්ගෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් සේවයට වාර්තාකර නොමැති බවත් පාසල්වලට ළමයින්ගේ පැමිණීමත් විශාල ලෙස අඩු වී තිබෙන බව එම සංගම් නියෝජිතයෝ සඳහන් කරති.

කොට්ඨාස හා කලාප කාර්යාලවල කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙන බවත් අද (04දා) ක්‍රියාත්මක වන එක් දින වැඩවර්ජනයට අනුව දේශපාලන පත්වීම් ලබාදීමට සිදුකර තිබෙන සැලසුම අවලංගු නොකළහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවද ලංකා ගුරු සංගමයේ ලේකම් ස්ටාලින් ජෝසප් මහතා සඳහන් කළේය.

දේශපාලන පත්වීම් ලබාදීමට ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා අද (04දා) ගුරු විදුහල්පති ගුරු අධ්‍යාපනඥයින් හා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් වැඩවර්ජනයක නිරතව සිටියි.

Related posts

2015 – 4.8% යි, 2016 – 4.4% යි.. ආර්ථික වර්ධනය වේගය පහත වැටේ..

colombotoday

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරම කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්නැයි උපදෙස්..

Admin

රටම බලා සිටින තීන්දුව 5ට….

colombotoday

අම්පාරේ තවත් දාගැබක් සමතලා කර කුඹුරක් හදලා

colombotoday

නීති විරෝධීව රත්‍රං ගෙන ආ මන්ත්‍රී අලි සබ්රි රහිම් ගැන කතානායක වාර්තාවක් කැඳවයි

Admin

ෆොන්සේකාගේ අවළාදයට ඇල්ලේ ගුණවංශ හිමිගේ නෙතට කදුළක් උනයි… දැඩි ප්‍රකාශයකුත් කරයි

colombotoday