Colombo Today Local News

අත්හිටවූ බස්නාහිර පළාත් වාර පරීක්ෂණ යළි පැවැත්වීමට නියමිතව ඇත

අද (06) දිනයේ සිට, තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු යළි පැවැත්වීමට නියමිතව තිබේ.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්ලමේන්තුව සඳහන් කළේ, වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා විභාග කටයුතු පැවැත්වීමට නියමිතව ඇති බවය.

විභාගය පැවැත්වීමට පෙර විද්‍යාව, ඉංග්‍රීසි සහ ගණිතය යන ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම හේතුවෙන් 10,11 ශ්‍රේණිවල විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ කෙසේවෙතත් නව ප්‍රශ්න පත්‍ර සකස් කිරීමෙන් අනතුරුව අද සිට අදාළ ශ්‍රේණිවල විභාග කටයුතු යළි පැවැත්වීමට නියමිත බවයි.

මේ අතර කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන හරහා විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් විතැන් වු ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවය

Related posts

ත්‍රස්ත පනත වෙනස් කරන්න පත්කල කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට

Admin

“බදු අඩු කරන්න” මල්වතු මහානාහිමියෝ මුදල් ඇමතිට අවවාද කරති

colombotoday

ෂරියා මූල්‍ය සමාගමක් පිහිටුවාගෙන කෝටි 120ක පොල්ලක් තබා ඉන්දියාවට පැන්න ෂිහාම් සීරීබ් අත්අඩංගුවට

colombotoday

සහරාන්ගේ පුහුණු තිප්පොළක් මහනුවර, අරුප්පලින් අල්ලයි

colombotoday

පාඨලී ජාතික සභාවට

colombotoday

වැල්ලවායේ ඇගලුම් ආයතනයක කොවිඩ් ආසාදිතයින් 24ක්

colombotoday