Colombo Today Local News

ලංගම බසය මැයි රැලියට ගිහින් සේරුවාවිල පාසල් දරුවෝ ඊයේ ගෙවල්වල

සේරුවාවිල ප්‍රදේශයේ ජනතාවගේ දරුවන් පාසල් යෑවීම සඳහා දිනපතාම වෙලාවට පැමිණෙන ලංගම බස්‌ රථය ඊයේ (8 දා) උදෑසන නියමිත වේලාවට නොපැමිණීම නිසා කුපිත වූ දෙමාපියන් පිරිසක්‌ මේ පිළිබඳව සේරුනුවර පොලිසියට ගොස්‌ ස්‌ථානාධිපති ප්‍ර. පො. ප. මගලේගොඩ මහතාට පැමිණිලි කර ඇත.

එම මොහොතේම ක්‍රියාත්මක වූ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා බසය අයත් මුතූර් ඩිපෝවට කථාකර විමසා ඇති අතර ඔවුන් දන්වා ඇත්තේ බස්‌ සියල්ල මැයි රැලියට යැම නිසා ඊයේ බස්‌ රථය එවීමට නොහැකි වී ඇති බවයි.

මේ ගැන දෙමාපියන්ට දන්වා දෙමාපියන් සන්සුන් කළ ස්‌ථානාධිපතිවරයා දරුවන් කන්තලේට ගෙන ඒම සඳහා පොලිස්‌ රථ වාහන ලබා දීමට කන්තලේ කෝට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී අජිත් හේසිරි මහතාගෙන් විමසා ඇති අතර පොලිස්‌ අධිකාරිවරයා ඊට අවසරයද ලබා දී ඇත. ඒත් ඒ වනවිට වේලාව ඉක්‌මවා ගොස්‌ තිබූ බැවින් දෙමාපියෝ තම දරුවන් ද සමඟ නිවෙස්‌ කරා ගියහ.

සේරුනුවර කන්තලේ යා කරන මහවැලි පාලම මේ වනවිට අලුත් වැඩියා කෙරෙන හෙයින් සේරුනුවර සිට කන්තලේ බලා යන බස්‌ රථ පාලම ළඟට පමණක්‌ ළඟා වෙයි. එතැනින් පා ගමනින් අනෙක්‌ පසට ගොස්‌ කන්තලේ සිට පාලම ළඟට පැමිණෙන බස්‌ රථයක නැගී යැමට මගීන්ට සිදු වෙයි.

Related posts

ජල නලයක් පුපුරා පාසල් යමින් සිටි දියණිය අඩි 16ක වළකට වැටෙයි

Admin

ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් ඩොලර් මිලියන 10ක ලාභයක්

colombotoday

මහපොළ 1000 කින් වැඩිකරයි

colombotoday

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා.. ජනපති නිර්දේශ කරයි…

colombotoday

රනිල් වාඩ්ඩෙක් නෙමේ.. රාජපක්ෂ හොරු රැල රකින්න පොරොන්දු උනානම් මම ජනාධිපති

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ ජනපති කොමිසමක්

colombotoday