World

කාන්තාවන්ට හිස් ආවරණය හා අබාය අවශ්‍ය නෑ – සෞදි රජුගෙන් තවත් ප්‍රගතිශීලී තීරණයක්

සෞදි අරාබියේ කාන්තාවන් හිස් ආවරණය හෝ ඉස්ලාමීය භක්තියේ සංඛේතයක් වන කළු අබායාව පැළදීම අවශ්‍ය නැති බව එරට ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසයි.

මුස්ලිම් කාන්තාවන් හිස් ආවරණය හෝ කළ අබායාව පැලදිය යුතු යැයි ඉස්ලාම් ශරියා නීතියේ සදහන්ව නැති බව පවසන කුමරු, එහි පැහැදිළිවම සදහන් කර ඇත්තේ ‘කාන්තාවන්ද පිරිමින් මෙන් යහපත් හා ගෞරවණීය ඇදුම් ඇදිය යුතුය‘ යැයි පමණක් බවද කියා සිටී.

බින් සල්මාන් කුමරු මෙම අදහස් පල කළේ CBS රූපවාහිනිය සමග අදහස් දක්වමිනි.

32 හැවිරිදි මොහොමඩ් බින් සල්මාන් කුමරු සෞදි අරාබියේ බලයට
පත්වීමත් සමග එරට කාන්තා අයිතිවාසිකම් පුළුල් වීමක් දක්නට ලැබෙන අතර, මිශ්‍ර පොදු ක්‍රීඩා ඉසව්වලට සහභාගී වීමට සහ මෝටර් රථ පැදවීමේ අයිතියද කාන්තාවන්ට හිමිකර දී ඇත.

දැඩි ගතානුගතික මුස්ලිම් රාජ්‍යයක් වන සෞදි අරාබිය නවීකරණය සදහා වූ නව ප්‍රගතිශීලී ප්‍රවණතාවක සාක්ෂියක් ලෙස සල්මාන් කුමරුන්ගේ මෙම ක්‍රියාපිළිවෙත ජාත්‍යන්තර පැසසුමට ලක්ව ඇත. කෙසේ වෙතත් තව දුරටත් සෞදි සමාජය තුළ කාන්තා නිදාහසට සීමා පැනවී තිබීම විවේචනයට ලක්ව ඇත.

ශරියා නීතිය ක්‍රියාත්මක කිරීම සදහා සෞදි අරාබියේ ලිඛිත නීති සංග්‍රහයක් නොමැති අතර, කාන්තාවන්ගේ ඇදුම් පිළිබදව දැඩි නිති පනවා ඇත්තේ එරට ආගමික පොලිසිය සහ අධීකරණය විසිනි.

කෙසේ වෙතත් කුමරුගේ ප්‍රගතිශීලී තීරණත් සමග එරට කාන්තා සමාජය නව පිබිදීමකට ලක්ව ඇති අතර, කළු අබායාව වෙනුවෙන් වෛවර්ණ අබායාවලින් සැරසීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ. ශරීරයම වැසෙන කළු ලෝගුව වෙනුවට දිගු සායවල් හා ජීන්ස් සමග විවෘත අබාය පැළදීමද සමහර ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ.

සෞදි අරාබියේ ගතානුගතික සම්ප්‍රදායන් අනුගමනය කිරීමට ඇබ්බැහි වි සිටින ඇතැම් රටවල මුස්ලිම් සමාජයන්ද සෞදි කුමරුගේ ප්‍රගතිශීලී තීරණ අනුගමනය කරමින් නවීන ලෝකය සමග අනුගත විමට කටයුතු කළ යුතු බවත්, එසේ නොවුණහොත් ඔවුන්ගේ පැවැත්ම ඉදිරියේ දි ප්‍රශ්නාර්ථයකට ලක්වන බව ජාත්‍යන්තර විචාරකයන් පවසති.

Related posts

සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති හේතුවෙන් නවසීලන්ත අගමැතිනිය අවහන්හලකින් දොට්ට

colombotoday

අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි

Admin

දෙවැනි එලිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

රැජිනගේ දේහයට අවසන් ගෞවර දැක්විමට එන රාජ්‍ය නායකයන්ට උපදෙස් මාලාවක්

colombotoday

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

Admin

ඇමෙරිකාවේ තවත් පොලිස් වෙඩිතැබීමකින් Black Lives Matter විරෝධතාවලට සහාය දැක්වූ පුද්ගලයෙක් මරුට

colombotoday