Colombo Today Local News

සරත් ෆොන්සේකාට වාරණ නියෝගයක්

කොළඹ දිසා අධිකරණය විසින් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන කැලණිය සංවිධායක ධූරය අත්හිටුවීම සහ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන අය වෙත මෙම වාරණ නියෝග නිකුත් කර තිබේ.

මෙම වාරණ නියෝගය දින 14ක් දක්වා බල පැවැත්වෙනු ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ, හිටපු හමුදාපති දයාරත්නායක සමගි ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන් තම සේවාදායකයා ඊට එරෙහිව පළ කළ අදහස් පදනම් කරගෙන ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවට පසුගිය කාලයේ මාධ්‍යවලින් තොරතුරු පළ වී තිබුණු බව ය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ එවැනි ආකාරයෙන් අසාධාරණ ලෙස තම සේවා දායකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම, තනතුරු අත්හිටුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය සහ සමග ජන බලවේගය තුළ දරන තනතුරු අත්හිටුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

Related posts

ජනපති දූත පිරිසක් සමග තායිලන්ත සදහම් චාරිකාවේ.

colombotoday

කුඩු ලාල්-රූබන්-නිපුණ- ඊයේ ඇල්ලු ‘අයිස්’ කිලෝ 125ක හිමිකරුවන්ගේ වතගොත වමාරි.

colombotoday

විදුලි ගාස්තු ඉහළ දමන්නේ වැරදි තොරතුරු මත… ලංවීම මාස දෙකක් තුළ බිලියන අටහමාරක ලාභයක් ලබලා

Admin

බදු වැඩි කිරීම ඡන්දෙට සල්ලි දෙන එක මහ බැංකුවේ වැඩක් නෙමෙයි – මහ බැංකු අධිපති

Admin

අලිගැට පේර දිනපතා ආහාරයට ගැනීම ඉතා හොඳයි. අධ්‍යයනයකින් හෙළි වෙයි.

colombotoday

රුවන් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්.

colombotoday