Colombo Today Local News

මිලේනියම් සිටි අත්අඩංගුවට ගැනීම නීති විරෝධී නෑ – ෆොන්සේකාගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

“මිලේනියම් සිටි” හිදී බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොවන බව රණවිරුවකු ලෙස තමා ප්‍රකාශ කරන්නේ යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

එම ස්ථානයේ අවි ආයුධ තබාගෙන සිටීම හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කළ අයථා වැඩක් බව පැවසූ මන්ත්‍රීවරයා එය රජයක් පිටින් දමා මඩ ගැසීමට මේ අය හැමදාම උත්සාහ ගත් බවද ප්‍රකාශ කළේය.

හමුදා බුද්ධි අංශ කිසිවක් කිසිදිනක දිග දුර විහිදුම් නොකළ හෙයින් කොළඹට ආර්.පී.ජී, ක්ලේමෝ බෝම්බ ගෙන ඒමට අවශ්‍යතාවක් නොතිබූ බවද ඔහු පැවසුවේය.

ඒවා කළේ විශේෂ බලකාය බවද ෆොන්සේකා මහතා පැවැසීය.

මිලේනියම් සිටි සිද්ධිය වනවිට තමා යාපනය ආඥාපතිවරයා බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඒ රණවිරුවන් පිරිස යොදාගෙන එදා රජය පෙරළීමට කටයුතු කළ බව සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

යළිත් ඉන්ධන මිල අඩු වෙයි?

colombotoday

නිෂ්පාදකයන් බිත්තර මිල අඩු කරන්න බැ කියයි…

Admin

නයිජිරියානු ජාතිකයින් තිදෙනෙක් ගල්කිස්සේදී අත්අඩංගුවට

colombotoday

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා.. ‘වළ පයයි – ගොඩ පයයි‘ ඇමතිලාත් ඉවත්කළ යුතුයි – රාජ්‍ය ඇමති වසන්ත

colombotoday

වෙඩිතැබීමකින් කාන්තාවක් මරුට

colombotoday

පාසල් ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණයි

colombotoday