Colombo Today Local News

අමාත්‍ය සනත් නිශාන්තගේ මරනය සැක සහිතයි බිරිද පැමිනිලි කරයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිය වන නීතිඥ චමරි ප්‍රියංකා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (පෙබ. 7) පැමිණිල්ලක් කරනු ලැබ ඇතැයි පොලීසිය පවසයි.

මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ තම ස්වාමි පුරුෂයාගේ මරණය සැක සහිත බව සඳහන් කරමිනි. ඒ අනුව අදාළ මරණය ගැන විමර්ශනයක් කරන්නැයි ඇය පැමිණිල්ල කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවෙසට ගොස් නීතිඥ චමරි ප්‍රියංකා මහත්මියගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශයක් ලබාගත්තේ ඒ අනුවයි.

අනතුරෙන් පසුව සනත් නිශාන්ත මහතාගේ රථය පැදවූ රියැදුරා වන ප්‍රභාත් එරංග පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කළ අතර වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා පසුගිය 5 වන දා ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.

රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ලබන 10 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කළේ ය.

මේ අතර සනත් නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ මතයක් නිර්මාණය වී ඇත.

Related posts

මව – දරුවන්ගේ විලාප මැද කුඩු ජාවාරම්කරුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

colombotoday

කුකුළු මස්, බිත්තර සහ මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

Admin

නිවුන් දරුවන් බිහි කළ මව වේදනාව දරා ගන්න බැරුව මිය ගියාද?

Admin

ඉල්ලීම් දෙනකන් දුම්රිය වැඩවර්ජනය දිගටම

Admin

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කසුකුසු ! කුමන්ත්‍රණය පිටුපස ප්‍රබල එජාප ඇමතිවරයෙක් ?

colombotoday

ඩොලර් මිලියන 11ක කිරි හරක් මගඩියක්? – හිටපු ලේකම්වරියක් CID කැඳවයි!

Admin