දිවයින පුවත්පතේ මාධ්‍යවේදී සමන් ගමගේ මහතා ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා.
මේ වන විට ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන ප්‍රශ්න කරන බවයි වාර්තා වන්නේ.
පසුගිය සමයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලට අදාලව හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ඇතුළු සිදුවීම් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්රියාකළාපය පිළිබදව දිවයින පුවත්පතේ කරුණු අනාවරණය කිරීම නිසා එහි ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සමන් ගමගේ මහතා සමග දැඩිලෙස උරණව සිටින බව දිවයින ආරන්චි මාර්ග කියා සිටී.