පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ලැබූයේ සාමාන්‍ය පරාජයක් නොව අන්ත පරාජයක් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.
මෙම පරාජයට ප්‍රධානම හේතු වූයේ තම පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බිඳ වැටීම බවද ඔහු සඳහන් කළේය. ඒ ආකාරයෙන් සිංහල බෞද්ධ ඡන්ද පදනම පිරිහීමට මංගල සමරවීර සහ රංජන් රාමනායක මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශයන් බලපෑ බවද ඔහු පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේ මාධ්‍ය අමතමිනි.