Colombo Today Local News

රට ගොඩනැගිය හැක්කේ මහජන අරගලයකින් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ මොහොත වන විට අපේ රට ඛේදනීය තත්ත්වයකට පොහොට්ටු ආණ්ඩුව විසින් පත්කර ඇති බවත්, අදූරදර්ශී, මිත්‍යාව මත පදනම් වූ ගමනක් තුළ රටම සරණාගතයන් බවට පත්කර ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි එකම විකල්පය ප්‍රජාතන්ත්‍රවාදී, නිදහස්, නිවහල් මහජන අරගලයකින් පමණක් බව ඊයේ (25) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

වර්තමාන පාලකයෝ රටේ පවතින සත්‍ය තත්ත්වය අවබෝධ කරගෙන ඔවුන්ගේ වැඩපිළිවෙළ ජනතාවට හිතකර අන්දමින් වෙනස් කරනු ඇතැයි අපේක්ෂා කළත් එවැන්නක් සිදු නොවූ බවත් ඔවුන් මිත්‍යාවාදී දේශපාලනයක නිරත වෙමින් ජනතාවට කුමක් වුවත් ඉදිරි වසර 2ක කාලයේත් සුරසැප විදීමට අවශ්‍ය සුදුසුම දොරටුපාලකයෙක් පත්කර ඇති බව පැවසීය. රටේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ නොහැකි , ජනතාව ආරක්ෂා කිරීමට නොහැකි රජයකින් පළක් නොමැති බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ රටේ ඩොලර් සංචීත වැඩි කිරීමට පෙර ඔවුන්ගේ ඩොලර් සංචිත වැඩිකර ගැනීමට උත්සාහ දරමින් සිටින බවයි.

එසේම මහබැංකු වංචාවේ දෙවැනි අදියර ලෙස ගෑස්වලින් විශාල මුදලක් වංචා කර ඇති බවත් එම අනාවරණය කෝප් කමිටුවට සිදු වූවත් සියලු තොරතුරු ජනතාවගෙන් සඟවා ඇති බවත් විපක්ෂ නායකතුමා වැඩිදුරටත් පැවසීය.

ඖෂධ සහ ගෑස් වලින් පවා ගසාකන යුගයක් නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, රටම ප්‍රතික්ෂේප කළ රාජපක්ෂවරුන්ව ආරක්ෂා කරන දොරටුපාලයින් සහ පටු වාසි වෙනුවෙන් කටයුතු කරන අවස්ථාවාදීන් පිරිසක් සිටින බව ද පැවසීය.

ජාතික විද්වත් සභාවේ දිස්ත්‍රික් නියෝජිතවරුන් පත්කිරීම ඊයේ (25) සිදුවිය. ඒ අනුව, දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දිස්ත්‍රික් ලේකම්වරුන්, මාධ්‍ය ලේකම්වරුන් ඇතුළු නියෝජිතයින්හට මෙලෙස පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබීය. ජාතික විද්වත් සභාව සමගි ජන බලවේගය ට අනුබද්ධ විශ්වවිද්‍යාල විද්වතුන්, වෘත්තීයවේදීන් ඇතුළු පිරිසගෙන් සමන්විත සංවිධානයකි.

Related posts

ජනපති ඉදිරියේදී දුක්බර මුහුණින් සජිත් කිවූ දේ

colombotoday

රක්ෂිතයක් එලිපෙහෙලි කල 12 ක් අත්අඩංගුවේ. මුදා හරින්නැයි TNA මන්ත‍්‍රගෙන් පොලිසියට බලපෑම්

colombotoday

සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි

colombotoday

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර තේ වත්තකින් හමු වෙයි

Admin

මෙරට තරුණයන් 50ක් පරිගණකත්‍රස්තයන් භාරයේ අපා දුක් විඳී

Admin

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා දීම හෙට සිට

colombotoday