Colombo Today Local News

සියලු පුරවැසියන් එන්නත ලබා ගන්නා තුරු සිටින බව පැවසූ විපක්ෂ නායක කොවීඩ් එන්නත ලබාගනී

සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (03) කොවීඩ් එන්නත ලබාගැනීමට කටයුතු කළේය.

වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබා ගැනීමට තමන් කටයුතු කළ බව විපක්ෂනායකවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරනු ලැබීය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල කොවීඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනු ලැබීය.

“මට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම අද එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව මම ඔවුන්ගේ නියමයට එකඟ වූයෙමි.” යනුවෙන් කොවීඩ් එන්නත ලබාගැනීමෙන් අනතුරුව විපක්ෂනායකවරයා සිය ෆේස්බුක් ගිනුමේ සටහන් කර තිබිණ.

Related posts

ටයිකොන්ඩෝ කලු පටිය පැළැඳගෙන අගමැති මහින්ද වැඩ පෙන්වයි

colombotoday

සුරාබදු කොමසාරිස්ගේ ගෙදරට බෝම්බ ගහයි !

colombotoday

අගමැතිකමින් නෙරපා දමමින් මෛත්‍රී රනිල්ට යැවූ ලිපිය මෙන්න….

colombotoday

ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263ක් හඳුනාගනී

Admin

දෙමුහුන් අධිකරණ ඉල්ලන ගොන් තකතීරු වැඩ කරන්න එපා – ඩිලාන් පෙරේරා සුමන්තිරන්ට කියයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිළ ඉහළට !

colombotoday