Colombo Today Local News

“විමල්ගේ අදහස අනගියි.. සයිටම් ගැන එලෙස බලන්න මා සූදානම්“ – රාජිත

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ‘සයිටම්’ ආයතනය පිළිබදව අගනා කරුණූ දැක්වීමක් සිදුකල බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම ප්‍රශ්ණය දෙස සංවේදීව බලන ලෙස විමල් වීරවංශ මන්ත්‍රිවරයා තමාගෙන් ඉල්ලා සිටි බවත්, ඒ අනුව මෙම ප්‍රශ්ණය සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් සමග සාකච්ජා කර නිවැරදි තීන්දුවන් ගනු ලබන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍යවරුන් පිරිසක් සමග පැවැති සාකචිඡාවක දී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

සයිටම්”ආයතනය සමග කිසිදු පුද්ගලික ගණූදෙනුවක් නොමැති බව ද දොස්තර රාජිත සේනාරත්න මහතා එහිදී අවධාරණය කර සිටියේය.

පසුගිය ජනාධිපතිවරණයේ දී “සයිටම්” ආයතනයේ ප්‍රධානියා හිටපු ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කළ බවත්, ‘සයිටම්” ආයතනය පිළිබදව තමන්ට ඇත්තේ ප්‍රතිපත්තිමය කරුණක් පිළිබද ප්‍රශ්ණයක් පමණක් බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අතර කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවක දි අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා, මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හරහා ඇතැමුන් තවදුරටත් දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ දරණ බවට චෝදනා කළේය.

“සයිටම් කියන්නෙ විසඳන්න ඔන ප්‍රශ්නයක් මිසක්..වවාගෙන කන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. සයිටම් විරෝධය හරහා තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න ඇතැම් පිරිස් උත්සහා ගන්නවා.” යයි එහිදී ඔහු සඳහන් කළේය.

මෙම ආයතනය සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගත යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

Related posts

ඇලෝසියස්-පලිසේනගේ ඇප ප්‍රතික්ෂේපයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday

අගමැතිට එරෙහිව විශ්වාසභංගය ගෙනාවේ ජනපති සහ ගෝඨාභයයි ? – කවුරුත් නොදන්න කතාවක් හෙළිවෙයි

colombotoday

‘ඇමතිතුමනි අධිකරණයට අපහාස නොකරනු’ රාජිතගේ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

colombotoday

බූස්සේ සිරකරුවෙක් පලායයි

colombotoday

උතුරේ නැවතත් ජාතිවාදී ක්‍රියා හිස ඔසවනවා.. හමුදා ශක්තිය තර කරන්න – ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය

colombotoday

දේවස්ථානයට අගෞරවයක් කියා අහලකවත් බුදු පිළිම නොතබන්නැයි විරෝධතා !

colombotoday