බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණීම හොර රහසේ නොකරන බවත් එය ඉතා උත්සව ශ්‍රීයෙන් සිදු කරන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම ආඩම්බරයට කාරණයක් බවත් අමාත්‍ය උදය ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු බවට නිවේදනයක් නිකුත් කලේ පක්ෂයේ මතය දැන්වීමට බවත් ඔහු සඳහන් කරන ලදි.
අදාළ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා මාධ්‍ය හමුවකට සහබාගි වූ ප්‍රථම අවස්ථාව මෙය විය.