World

බටහිර රාජ්‍යයන් මාව තනි කළා. අපිට අපි විතරයි – යුක්රේන් ජනපතිගෙන් ප්‍රකාශයක්

බටහිර රාජ්‍යයන් රුසියාවට බියවී තමන්ව තනි කර ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා පවසා ඇත.

නේටෝ සංවිධානය රුසියාවට බියවී කියෙව් තනි කර ඇති මේ මොහොතේ යුක්රේනයේ පිහිටට සිටින්නේ යුක්රේනය පමණක් බව සෙලෙන්ස්කි ඔහු පවසා ඇත.

රුසියන් ආක‍්‍රමණය නතර කර ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රුසියාව සමග සාකච්ඡා කිරීමට තමන් බය නැති බවත් නමුත් එසේ සාකච්චා කිරීමට රුසියාවෙන් තමන්ට යුක්රේනයේ ආරක්ෂාව සම්බන්ධව සහතිකයක් අවශ්‍ය බවත් අද දින ප‍්‍රකාශකයක් නිකුත් කරමින් ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත.

මම නේටෝ සංවිධානයේ රටවල්වලින් කෙලින්ම ඇහුවා ඔයගොල්ලො අපිත් එක්කද කියලා, එතොකොට කිව්වා. ඔව් අපිත් එක්කයි කියලා. නමුත් නේටෝ සංවිධානය අපිට සාමාජිකත්වය දෙන්න කැමති නෑ. අපිට නේටෝහි සාමාජිකත්වය දෙනවද කියල මම අහපු ප‍්‍රශ්නෙට රටවල් 27 උත්තර දෙන්නෙ නැතිව බයේ නිශ්ශබ්දව සිටියා.

“කව්ද අපිත් එක්ක යුද්දෙට යන්න කැමති… කවුරුත් නෑ අපිට අපි විතරයි” ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසීය.

Related posts

යුද ගිනි මැද බ්‍රිතාන්‍ය අගමැතිත් ඊශ්‍රායලයට ළාඟා වෙයි

Admin

ගෝලීය ආසාදිතයින් සියයට 17කින් පහළට

colombotoday

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ගත් නිවේදිකාවක් රුධිර කැටි ගැසී මරුට

colombotoday

නව වසර ඉතාමත් දුෂ්කරයි

Admin

චාර්ල්ස් කුමරුටත් කොරෝනා වෛරසය වැළදේ

colombotoday

හින්දු තරුණයෙකු හා විවාහ වුවා කියා මුස්ලිම් ගැබිණි කාන්තාවට ඥාතීන් කරපු අපරාධය !

colombotoday