Colombo Today Local Newsextremism & terrorism activitiesfeatured

රියාජ් බදුර්දීන් නිදහස් කිරීම යුක්ති සහගත නෑ. නීතිපතිවරයා CID යට මාසයක් කල් දෙයි. මගහැරී විමර්ශන ගැනත් කියා දෙයි.

රියාජ් බදුර්දීන් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි පරිදි විමර්ශන සිදු කර නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන් බව නීතිපති සම්බන්ධීකරණ නිළධාරීනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය කියා සිටියා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා රැඳවුම් භාරයෙන් මුදා හැරීමේ සිද්ධියට අදාළව කරුණු විමසීම සඳහා නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප්‍රධාන විමර්ශන නිළධාරියා අද කැඳවූ අවස්ථාවේදීයි.

“රියාජ් බදුදීන් යන අයට මුදල් විශුද්ධිකරන වරද සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් නොකිරීම, එනම් එයට අදාලව රියාජ් බදුදීන් යන අයගේ වත්කම් බැරකම් එනම් වාහන ඇතුළුව අනෙකුත් දේපල, බැංකු ගිණුම් සහ බැංකු කටයුතු, ව්‍යාපාර කටයුතු පිලිබඳ සුදුසු විමර්ශනයක් සිදු නොකිරීම එනම් මුදල් විශුද්ධිකරණය පිළිබඳව විමර්ශනය කිරීමට දැනුමක් හෝ කිසිදු වැටහීමක් හෝ පළපුරුද්දක් නොමැති නිලධාරියෙකු අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පත් කිරීම සහ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දැනුමක් නොමැති නිලධාරියෙකු පත්කිරීමට අදාලව කරුණු අනවරයනය වුනා. එසේම ත්‍රස්තවාදී කටයුතුවලට මුදල් යෙදවීම සම්බන්දයෙන් පුළුල් විමර්ශනයක් කර නොමැති තත්වයක් අනාවරණය වුනා. එසේම රියාජ් බදුර්දීන් යන අය භාවිතා කල ජංගම දුරකථන 16 ක් පිළිබඳව අනාවරණය වුවත් විමර්ශකයන් විසින් ජන්ගම දුරකථන 12ක් සොයා ගැනීමට අපොහොසත් වීම සහ එම ජංගම දුරකථන 12 සොයා ගැනීමට සම්පුර්ණ විමර්ශනයක් හරියාකාරව සිදුකර නොතැබීම යන කරුනුත් පෙනී ගියා. ඉහත සියලු කරුණු කාරණා සැලකිල්ලට ගෙන ගරු නීතිපති තුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙම සිද්ධියට අදාලව වැඩිදුර විමර්ශන සිදුකිරීමේ අවශ්‍යතාවය සහ ඒ සම්බන්දව ගතයුතු පියවර සම්බන්දව ලිඛිත උපදෙස් අද දින ලබා දීම සිදු කළා. එම සම්පුර්ණ ලිපිගොනු මසක් ඇතුලත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට උපදෙ ලබා දීමක් සිදුවුනා. ඉහත සිදුකරන ලද අසම්පුර්ණ විමර්ශන හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු නිදහස් කිරීමට කල නිර්දේශය යුක්ති සහගත නොවන බවට නීතිපති තුමාගේ අවධානය යොමු වුනා.” අධි නීතීඥවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Related posts

රජයේ සේවකයන්ගේ වැටුප ගැන දැනුම්දීමක්

Admin

බස්නාහිර පළාත අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට හේතුව

colombotoday

ඇමරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ ‍නෞකාව කොළඹ වරායට

colombotoday

වෙලේ සුදාට තොන්ඩුව- දිනය සහ වෙලාව ජනපති නියමයෙන්

colombotoday

ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?

colombotoday

අප්‍රේල් 25ත් ඡන්දය නැහැ

Admin