Colombo Today Local News

රිෂාඩ් බදුර්දීන් විල්පත්තුවෙන් දැව ඝන මීටර දහස් ගණනක් සොරකම් කරලා

රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා විල්පත්තු වනාන්තරය විනාශ කිරීම සම්බන්ධයෙන් රජයේ විගනකාදිපති පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබා දුන් බවත් එයින් විල්පත්තු රක්ෂිත වනාන්තරය රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ ඥාතින් සිදුකල බරපතල විනාශය පැහැදිලිව හඳුනාගෙන ඇති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසනවා.

මෙය ජාතිවාදී ප්‍රශ්නයක් නොවන බවත් මෙය ජාතික අපරාධයක් බවත් පෙන්වා දුන් නාගනන්ද කොඩිතුවක්කු මහතා රිෂාඩ් බදුර්දීන් ඇතුළු සහචරයින් දැව ඝන මීටර දහස් ගණනක් සොරකම් කරන බවත් Colombo Today 2020 වැඩසටහන සමග එක් වෙමින් ප්‍රකාශ කර සිටියා. ඔවුන් 1990 වනවිටත් ප්‍රදේශයේ පදිංචිව සිටි බවට පට්ටපල් බොරු කියන බවත් 1984 සිට එම ප්‍රදේශයේ තිබුන ඝන කැලෑව ගහක් ගහක් ගානේ අවශ්‍යයනම් බලාගැනීමට සැටලයිට් මගින් ලබාගත් චායරුපවලින් හැකියාව ලැබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා අධිකරණයට අපහාස කරමින් සාවද්‍ය දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරීමට කටයුතු කලත් ඒවා ප්‍රතික්‍ෂේප කරමින් විල්පත්තු සංහාරයට විරුද්ධව ගොනු කර ඇති නඩුව විභාගයට අවසර ලබා දුන් බවත් නාගනන්ද මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

Related posts

පාර්ලිමේන්තුවත් හදිසියේ කැදවයි…

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් ජනපති හමු වෙයි

Admin

කොළඹ අහසින් යන්න ගාස්තු වැඩි වෙයි

Admin

පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගෝඨාබයට දීම නිවැරදියි – සරත් ෆොන්සේකා කියයි

colombotoday

රුපියල ශක්තිමත් වීමේ වාසිය ගොවීන්ට… යූරියා මිටියක් රු:9000 දක්වා අඩු කරයි

Admin

ඊබ‍්‍රහිම් ශාහීද් ‘යසින්ත’ නමින්ද පෙනී ඉඳලා – කඳානේ පදිංචි බවට හැඳුනුම්පතකුත්

colombotoday