වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කල බව නීතිපති සම්බන්ධීකරණ නිළධාරීනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කර සිටිනවා.
මැතිවරණ සමයේදී රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම රිෂාඩ් බදුර්දීන්ට එල්ලවී ඇති චෝදනාවයි.