Colombo Today Local News

රිෂාඩ් බදු­යු­දීන් රාජ්‍ය මුදල් අව­භා­විත කර­මින් මන්නා­රමේ ඉදි­කි­රීම් කරලා

රිෂාඩ් බදු­යු­දීන් හිටපු ඇමැ­ති­ව­රයා රාජ්‍ය මුදල් අව­භා­විත කර­මින් මන්නා­රම ප්‍රදේ­ශයේ ඉදි­කි­රීම් කට­යුතු කර ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණ­ව­ර්ධන මහතා මන්නා­රම ප්‍රදේ­ශයේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක් වෙමින් කියා සිටි­යේය.

යහ­පා­ලන රජය සම­යේදී ඇමැ­ති­ව­ර­යකු ලෙස කට­යුතු කළ රිෂාඩ් බදු­ර්දීන් මහතා රාජ්‍ය මුදල් අව­භා­විතා කර­මින් මන්නා­රම ප්‍රදේ­ශයේ ඉදි­කි­රීම් සිදු කර ඇති බවට ඇති චෝදනා නිරී­ක්ෂ­ණය කිරී­මට ඇමැති බන්දුල ගුණ­ව­ර්ධන මහතා ඇතුළු නිල­ධා­රීන් පසු­ගි­යදා(22) එක්විය.

මන්නා­රම ප්‍රදේ­ශයේ පෞද්ග­ලික ඉඩ­මක රුපි­යල් මිලි­යන 70ක් පමණ වටි­නා­ක­ම­කින් යුත් ව්‍යාපෘ­ති­යක් හිටපු ඇමැති රිෂාඩ් බදු­ර්දීන් මහතා විසින් ක්‍රියා­වට නංවා ඇති බව කියා සිටි ඇමැති ගුණ­ව­ර්ධන මහතා එම­ගින් මේ වන විට රුපි­යල් මිලි­යන තුන්සී­යක් පමණ රාජ්‍ය මුදල් අව­භා­විතා කර ඇති බවත් කියා සිටි­යේය.

මේ ඉදි­කි­රීම් නිසි ක්‍රම­වේ­ද­ය­කින් තොරව පසු­ගිය රජය කාලයේ සිදු කර ඇති බවත් අමාත්‍ය මණ්ඩල තීර­ණ­ය­කට අනුව මන්නා­රම ප්‍රදේ­ශයේ පෞද්ග­ලික ඉඩ­මක ඉදි­කි­රීම් කට­යුතු සඳහා මුදල් ලබා දී තිබෙන බවත් එහිදි ඇමැ­ති­ව­රයා කියා සිටි අතර රටේ පරි­පා­ලන සහ මුදල් රෙගු­ලාසි උල්ලං­ඝ­නය කර­මින් කළ මේ රාජ්‍ය මුදල් අව­භා­වි­තය සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් පරී­ක්ෂ­ණ­යක් සිදු කරන බවත් එම පරී­ක්ෂණ අව­සන් වු පසු ඉදිරි ක්‍රියා­මාර්ග ගැනී­මට කට­යුතු කරන බවත් ඒ මහතා කියා සිටියි.

තාරා­පු­රම් ප්‍රදේ­ශයේ ඉදි­කෙ­රෙන මේ ගොඩ­නැ­ඟිල්ල නිරී­ක්ෂ­ණ­යෙන් අන­තු­රුව වෙළෙඳ ඇමැති බන්දුල ගුණ­ව­ර්ධන මහතා විසින් මන්නා­රම ප්‍රදේ­ශ­යේම මුදල් අව­භා­විතා කර­මින් කළ හැකි අනෙ­කුත් ඉදි­කි­රීම් ද සොයා බැලී­මට එක්වූහ.

මන්නා­රම දිස්ත්‍රික් ලේකම්,වෙළෙඳ අමා­ත්‍යාං­ශයේ ලේකම්,සමූ­ප­කාර දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ඇතුළු රාජ්‍ය නිල­ධා­රීන් පිරි­සක් මේ සංචා­ර­යට එක්වූහ.

Related posts

ජිනීවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී කොටි කුක්කෙකුට දිවා භෝජන සංග්‍රහයක්… වියදම ශ්‍රී ලංකා රජයෙන්…

colombotoday

එජාප නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්

colombotoday

සහරාන්ගේ කල්ලිය වළ දමා තිබූ ආයුධ තොගයක් හමුවෙයි

colombotoday

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරමින් සිටිනවා. අවම වයස 18 කරනවා. | අධිකරණ ඇමති අලි සබ්‍රි කියයි

colombotoday

ඔබට අනාගතයක් ලබලා දෙන්න මම අකමැත්තෙන් හෝ ගිහින් ජාත්‍යන්තරයෙන් හිඟාකෑවා – රනිල් වික්‍රමසිංහ

Admin

අත්අඩංගුවට පත් නාකොටික් නිලධාරීන්ට එරෙහිව ගන්නට යන දැඩි තීරණය

colombotoday