Colombo Today Local News

රිෂාඩ් බදියුදීන් විනාශ කල කල්ලාරු රක්ෂිතයේ හිටවන්න තරම් පැළ වන සංරක්ෂණයේ නැහැ.

අභියාචනාධිකරණය රිෂාඩ් බදියුදීන්ට ලබාදුන් තීන්දුවට අනුව විල්පත්තුව, කල්ලාරු රක්ෂිතයේ පැළ සිටුවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින පැළ කිසිසේත් ප්‍රමාණවත් නොවන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ නිසා අලුතින් පැළ වගා කිරීමට සිදුවන බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.

පැළ සිටුවීමට වැයවන වියදමට තක්සේරු වාර්තාව මෙමස 16 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට බාරදීමට නියමිත බවද පැවැසේ. දැවැන්ත වන විනාශයක් සිදු කරන ලද කල්ලාරු රක්ෂිතයේ නැවත පැළ සිටුවීම සඳහා වැයවන මුදලට අදාළ තක්සේරු වාර්තාව සකස් කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුව කල්ලාරු රක්ෂිතයේ පරිසර හානිය නිරීක්ෂණය කළ බවත්, ඒ අනුව හානිය තක්සේරු කිරීම මේ දිනවල සිදු කරන බවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. රක්ෂිත කලාපයේ අලුතින් සිටුවන පැළ අවම වශයෙන් වසර පහකට වැඩි කාලයක් රැක බලාගැනීමට සිදුවන බවත්, ඊට අදාළ සම්පූර්ණ වියදම මන්ත්‍රීවරයාගෙන් අයකර ගැනීමට සිදුවන බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

Related posts

කෘෂිකර්මයේ කෝටි 132 ගිල්ල සබීතාගේ බිල්ඩිම යලි බාර දෙයි

colombotoday

ගෙලිඔය ඉන්ධනහලට ආ ඩීසල් බවුසරයේ වතුර… බවුසරය හරවා යවයි

colombotoday

ඉන්දීය ගිලන් රථ සේවය හැමදාම නිකං බෑ… ගානක් අය කරගන්න වෙයි – නි. ඇමති හර්ෂ

colombotoday

රැකියා නැති උපාධි ධාරයෝ පළාත් සභාවට එති

colombotoday

කලාශූරී එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

colombotoday

අපටත් ජනපති සමාව දෙනු ! වැලිකඩ රැදවියන් දෙදෙනෙක් විරෝධතාවක

colombotoday