Colombo Today Local News

රෝ සංවිධානයෙන් මෙහෙයවන පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ… මහා පාවාදීමකට සැරසෙයි !

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිසක් රෝ සංවිධානය (ඉන්දීය රජයේ රහස් ඔත්තු සේවය) විසින් මෙහෙයවමින් සිටින බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කර සිටියි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිම වගන්තිය අමුනාගෙන ජනතා විමුක්ති පෙරමුණ හරහා දියත්ව තිබෙන්නේ ඉන්දියාව හා ඇමෙරිකාව එක්ව ලියන ලද පිටපතක නාට්‍යක් බවත් බන්දුල ගුණවර්ධන මහතාගේ ඇතැම් ප්‍රකාශවලින් ඔහුටද මෙම නාට්‍යයේ චරිතයක් නිරූපනය කිරීමට අවස්ථාවක් ලැබී ඇත්දැයි සැකයක් මතුවන බවත් එහිදී චෝදනා එල්ල කර ඇත.

19 වනදා පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළවූ අතර එහිදී එම සංවිධානයේ වසන්ත බණ්ඩාර සෘජුවම බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාට චෝදනා නැගීය.

බලය ලබා ගැනීම සදහා ඒකාබද්ද විපක්‍ෂය මෙම උගුලට පා තැබුවහොත් මෙම පාවාදීම ඔවුන් කරන අවසන් පාවාදීම වනු ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තුව විසුරවීමේ යෝජනාවද ගෙන ඒකාබද්ද විපක්‍ෂය දායක වන්නේ නම් එය මහා පාවාදීමක් වනු ඇති බවත් මේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂය එකඟවන පදනම තමන්ට පැහැදිළි නැති බව ඊට සහභාගී වූ ආචාර්ය ගුණදාස අමරසේකර ද සඳහන් කර ඇත.

එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ යම් මෙයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් ඒ සමගම 13 වන සංශෝධනයද අහෝසි කල යුතු බවත් ඒම දෙකම එකවර සිදුවිය යුතු බවත්ය.

මෙම මාධ්‍ය හමුව අමතමින් මාධ්‍යවේදී මොහාන් සමරනායක සඳහන් කර ඇත්තේ අද පාර්ලිමේන්තුවේ සිටින වැඩි දෙනා පොතපත නොකියවන, නූගත්, අඥාණ, ස්වාර්ථය මිස අන් කිසිවක් නොසලකන ඉතාම වසල පිරිසක් බවය. එසේම බෙදුම්වාදය දේශපාලනිකව එදාටත් වඩා අද ප‍්‍රබල බවත් එවන් තත්වයක් යටතේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම රටම අවුල් කිරීමක් යයිද ඔහු පෙන්වා දී ඇත.

Related posts

දිවුලපිටියේ මන්ත්‍රී කාර්යාලයකට පහර දී ගිනි තැබීම. – මැයව දුටුවහොත් ලඟම පොලිසියට දන්වන්න

colombotoday

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ ‘දෙමළ ඩයස්පොරා‘ සැණකෙළිය අත්හිටුවයි…

colombotoday

ලිට්ට්‍රෝ ගෑස් සමාගම හරහා ඩොලර් මිලියන ගනනක වංචාවකට අයතා පත්වීම්…

colombotoday

යතුරුපැදි හිමිකරුවන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව නවත්වයි

colombotoday

අහෝ දුකකි! අපේ උරුමයට වෙන දේ මෙන්න… ගෝනවල පන්සලක බෝධියක් කිසියම් පිරිසක් කපා දමලා

colombotoday