Colombo Today Local Newsfeatured

දෙමළ ජන­තා­වට අයත් බෝග­ස්වැව විහාරස්ථානවලට ඉඩ නෑ. | දෙමල ජාතික සන්ධානය යලිත් බලහත්කාරය පායි

වවු­නි­යාවේ දෙමළ ජන­තා­වට අයත් බෝග­ස්වැව ප්‍රදේ­ශයේ සපු­ම­ල්ග­ස්කඩ නමින් බෞද්ධ විහා­ර­ස්ථා­න­යක් ඉදි ­කරන බවත් ඊට දෙමළ ජාතික සන්ධා­නයේ විරෝධය පලකරන බවත් එම පක්ෂයේ මුල­තිව් නාය­ක­යන් ප්‍රකාශ කොට තිබේ.

මුල­තිව් දිස්ත්‍රි­ක්ක­යෙන් උතුරු පළාත් සභා­වට තේරී පත්ව සිටි ටී.රවි­හ­රන් මන්ත්‍රී­ව­රයා ප්‍රකාශ කරන්නේ මේ ප්‍රදේ­ශය කච්ච­ල්ස­ම­ල­න්කු­ලම් ලෙස ද්‍රවිඩ ජන­තාව හඳුන්වන බවයි.

කච්ච­ල්ස­ම­ල­න්කු­ලම වැව යටතේ දෙමළ ජන­තා­වට කුඹුරු පවා ලබා දී තිබි­යදී බෞද්ධ­යන් නොමැති පළා­තක භික්ෂූන් වහන්සේ පැමිණ බෞද්ධ විහා­ර­ස්ථා­න­යක් ඉදි ­කි­රීම පිළි­බ­ඳව දෙමළ ජාතික සන්ධා­නය විරු­ද්ධ­ත්වය පළ ක­රණ බවද හිටපු මන්ත්‍රී­ව­රයා සඳ­හන් කරයි.

මේ විහා­ර­ස්ථා­නයේ භික්ෂූන් වහන්සේ තවත් ගොඩ­නැ­ඟිලි ඉදි­ කි­රීම සඳහා ආර­ක්ෂක නිල­ධා­රීන් යොදවා ගෙන ගඩොල් කපන බවත් එම ගඩොල් පිලි­ස්සීම සඳහා කැලය විනාශ කර­මින් දැව කපන බවත් කියා සිටින රවි­හ­රන් හිටපු පළාත් සභා මන්ත්‍රී­ව­රයා භික්ෂුව හා ආර­ක්ශක නිල­ධා­රීන් කපා ඇත්තේ ගඩොල් පිලි­ස්සී­මට අවශ්‍ය දැව වර්ග නොව වටිනා දැව වර්ග බවට ද චෝදනා කරයි.

මේ පිළි­බ­ඳව ප්‍රදේ­ශයේ රාජ්‍ය නිල­ධා­රීන් ද නිහ­ඬ ව සිටින නමුත් මේ පළාතේ කැල­යට හා ඉඩම්වලට විශාල හානි­යක් සිදු­වන බව ද රවි­හ­රන් කියයි.

Related posts

බුදුන්ට අපහාස කල දිවැසිවරයෙකු කියාගන්නා ජෙරොම්ට දෙවියන්ගෙ පිහිට නැතිවෙයි.

Admin

තවත් ප්‍රධාන ඇඟළුම් කම්හලක සේවකයෙකුට කොරෝනා

colombotoday

පාඨලී ජාතික සභාවට

colombotoday

‘කොටි කපන වෝ’ කියා ගම ගිනි තැබූ හතකට වැඩ වරදී

colombotoday

අධිකරණයට අපහස කිරීම ගැන විග්නේශ්වරන් අධිකරණය හමුවට

colombotoday

ඇෆ්ලටෝෆ්සින් අඩංගු බඩඉරිඟු ඇට බහාලුම් 15 ක් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday