Colombo Today Local News

රවි කරුණානායකට කැබිනට් අමාත්‍ය ධුරයක් නොදී සිටීමට හේතුවක් නෑ – නීතිපති දෙපාර්තමේන්තුව දන්වයි

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට සහ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකුට අමාත්‍ය ධුර සහ නියෝජ්‍ය අමාත්‍යධුර ලබා දීමේ සුදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව රවි කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයාට යළි කැබිනට් ඇමතිකමක් සමඟ එජාපයේ තවත් මන්ත්‍රීවරුන් හය දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යධුර ලැබෙනු ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ වන විට විදෙස් සංචාරයක නිරත වී සිටික අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත‍ා නැවත ලංකාවට පැමිණි පසු මෙම පත්කිරීම් සිදුවිය හැකි බවයි සඳහන් වන්නේ. එසේම මෙම කාරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ දැනුම් දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එකඟතාවය පළ කර ඇති බව එම ආරංචිමාර්ග වල වැඩිදුරටත් දැක්වෙනවා.

ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේදී කළ ප්‍රකාශයක් හේතුවෙන් රවි කරුණානායක සිය අමාත්‍යධුරයෙන් ඉවත් වුනු අතර අග්‍රාමාත්‍යවරයා නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුනේ රවී කරුණානායකට එරෙහිව චෝදනා තිබේ නම් මාස දෙකක් තුළ එය ගොනු කරන ලෙසයි. නමුත් එම කාලය මේ මස 15 දා අවසන් වනවා.

මේ හේතුවෙන් රවි කරුණානායකට පිළිගත හැකි කැබිනට් අමාත්‍ය ධුරයක් නොදී සිටීමට තරම් කරුණක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති බවද සඳහන්.

Related posts

ත්‍රිකුණාමලය ප්‍රදේශ 2ක් හුදකලා කෙරේ

colombotoday

කුරුණෑගල නගරාධිපති තනතුරේ වැඩ බලන නගරාධිපති වැඩබාරගනී

Admin

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධව මුදල් අයකර උපාධි ලබාදිමේ ආයතන පිහිටුවීමට තීරණයක්….

Admin

” හිඟයකින් තොරව විදුලිය සපයන්න හැකියාව ලබාදෙන්න කියලා මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.”

colombotoday

බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළෙදසැල් ලබන 23තෙක් වසා දැමේ

colombotoday

බේකරි නිෂ්පාදනවල මිල වැඩිකරන්න තීරණයක්

Admin