Colombo Today Local News

ලංකාවේ නම බැබලවූ රට හොරුන්

මාතෘකාව දැක්ක ගමන් හිතෙයි මොකක්ද මේ කියන්න යන්නෙ කියල අද වෙනකොට මුලු ලෝකෙම තැනින් තැනින් අපේ සේස්ට ශ්‍රී ලාංකික හොරුන් ගැන අහන්න ලැබෙනවනේ පිටරටකට අමාරුවෙන් බඩගාගන්න මුන් වටේටම පොලු තියල මිනී මරලා එක්කො මැදපෙරදිගක නම් වැඩ කරන ගෙදර ඉන්න එකාලගෙ රත්තරන් වලට සල්ලි වලටත් එක්ක විදල ගෙදරින් පනින්නේ. ඒ කාලේ ගල්ෆ් බෝඩරේ හොඳම ගෘහ සේවිකාවො විදියට නම උඩින්ම තියාගෙන හිටියෙ අපේ ශ්‍රී ලාංකික අම්මලා අක්කලා නංගිලා. මොකද ඔවුන්ගේ කරුණාවට රැකියාව කරන තැනට තියන ගරුත්වය ගැන දන්න හැමෝම ලාංකිකයන්ට ගොඩක් කැමති උනා. නමුත් අද තත්වය එදා වගේමද ?

ඔබ දන්නවාද කුවේට් ඩුබායි ඕමාන් වැනි රට වල බොහෝ දෑ පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැකියි. උදා – කුවේටයේ වීසා වර්ග කිහිපයක් ඇත. මූලිකවම ඉන් අපි ගතහොත් ගෘහ සේවක / ගෘහ රියදුරු වීසා 20 / ඊළගට කර්මාන්ත වීසා ( ශූන් ) 18 / ඊළගට පවුල් වීසා ( family ) 22 මෙකී වීසා වර්ග තුලින් කර්මාන්ත වීසා එකක් හෝ පවුල් වීසා දරන ඔබට එරටේ හැදුනුම්පත පමණක් පෙන්වා අලුත්ම කාර් රථයක සිට ඕනෑම දෙයක් මාසික ගෙවීමේ ක්‍රමයට ගත හැකිව ඇත. (මූලිකව ඉතා සුලු මුදලක් ගෙවා )

එමෙන්ම අති නවීනම.ජංගම දුරකතන ඕනෑම එකක් ගත හැකියි. මෙය දඩමීමා කරගත් අපේ ඇතැම් පාහර මිනිසුන් කරන්නේ එවැනි ජංගම දුරකතන ලබා දෙන ආයතන කීපයකින්ම අති නවීන දුරකතන සුලු මුදල් ගෙවා එකවර තුන හතරක් ලබා ගැනීමයි. ඉන් පසුව ඔවුන් කරන්නේ රටින් පිටවී යෑමයි. මෙලෙස රැගෙන ලංකාවට එන දුරකථන විකුණා මුදල් ලබා ගැනීම එක් බලාපොරොත්තුවකි. මෙය කුවේටයේ බොහෝවිට නිතරම සිදුවූ සිදුවීමක් නිසා අද වන විට එකී සමාගම් ශ්‍රීලාංකිකයන්ට මෙලෙස ගෙවීමේ ක්‍රමයට කිසිදු භාණ්ඩයක් ලබා ගැනීමට නොදී ශ්‍රී ලංකා යන රටේ නම බ්ලැක් ලිස්ට් කර දමා ඇත.

අපට මෙන්ම නේපාල් ජාතිකයන්ට ද මෙය අත් ව ඇත. කීයක් හෝ හොයාගෙන දරුවන් ජීවත් කරන්නට සිතාගෙන රට යන ඇතම් අමන ශ්‍රීලාංකිකයන් විසින් කල මේ ක්‍රියාවෙන් අද වන විට විඳවන්නේ එකී රටවල සේවය කරන අනිත් ශ්‍රී ලාංකික අහිංසක සේවකයන්ය. අද වන විට කුවේටයේ පමණක් ශ්‍රී ලාංකිකයන්ට එසේ ගෙවීමේ ක්‍රමයට වටිනා භාණ්ඩ ලබාදීම බොහෝ දුරට සීමා කර ඇති අතර ඔවුන් අප හදුන්වන්නේ සොර ජාතියක් ලෙසයි. රටකට බොරු කිරීමද මහා පාපකර්මයකි. රටකින් ලබාදෙන ඇතැම් සහන සේවා වලට බොරු කිරීමද එවැනිම පාපයකි. මෙලෙස පොලු තබා ෆෝන් ටැබ්ලට් සහ එකී මෙකී දෑ රැගෙන හොරෙන්ම කට්ටි පැන ලංකාවට මාරුවෙන තිරිසණුන් විනාස කර ඇත්තේ ලංකාවෙන් එරටවලට ගොස් අවංකව රස්සා කරන අප රටේ අනෙක් අම්මලා, තාත්තලා අයියල මල්ලිලාගේ නංගිලාගේ ආත්ම ගරුත්වයයි සහ ශ්‍රීලාංකික අභිමානයයි ..

ඩොන්

Related posts

මිල සූත්‍රය බොරුවක්… හරිනම් ඒ අනුව ත්‍රීමලයෙන් ගොඩබාන තෙල් මිල අඩවිය යුතුයි – හිටපු තෙල් ඇමති කියයි

colombotoday

අම්පාර පෙරියමුත්තු ආරු කලපුවේ අක්කර හයක් මුස්ලිම් ජාතිකයන් බලෙන් අල්ලාගෙන.

colombotoday

රවී අද කැබිනට් මණ්ඩලයට සමු දෙයි !!

colombotoday

ඉන්ධන පිරවුම්හලක් ගිනිගනී.. නුවර පාර අවහිර වෙයි (Video)

colombotoday

සුහද කොක්කු අමනාපෙන්.. රනිල් – අනුර ප්‍රබල ගැටුම්!

colombotoday

මහ බැංකුව අගමැති යටතේත් රාජ්‍ය බැංකු කබීර් හෂීම් යටතේත් තියෙද්දී රවීට බැඳුම්කර චෝදනා ඇයි ?

colombotoday