Colombo Today Local News

ගෝලීය වසංගතයයෙන් රට මුදවා ගැනීම සදහා දේශපාලන බේදයකින් තොරව සියලුම දෙනා එකතුවෙමු!

ගෝලීය වසංගතයයෙන් රට මුදවා ගැනීම සදහා දේශපාලන බේදයකින් තොරව සියලුම දෙනා එකතුවෙමු! මැයෙන් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් යොමු කර තිබෙනවා.

අදාළ මාධ්‍ය නිවේදනය…

අපේ රට මේ මොහොත වන විට ඉතාම අසීරු කාල සීමාවක් පසුකරමින් සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. ගෝලීයව පැතිරයන කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ජන ජීවිතය අවුල් වියවුල් කරමින් දහස් ගණනකට රැකියා අහිමි කරමින් හා විශාල සංඛ්‍යාවක් බඩගින්නේ තබමින් ජනතාව පීඩාවට පත්කරමින් සිටී.එපමණක්ද නොව අපේ රටේ ජනතාව දිනෙන් දින කොරෝනා මාරයාට බිලිවෙමින්ද සිටී.

දෛනිකව වැඩිවන කොරෝනා රෝගීන් සංඛයාව හා කොරෝනා මරණ සංඛයාව දෙස බැලීමේදී අපේ රට දැඩි අවධානම් තත්වයකට පත්වී ඇති බව නොරහසකි. මෙම තත්වය තේරුම් නොගත් මෙරට බහුතරයක් වූ ජනතාව වගකීම් විරහිතව හැසිරෙන ආකාරයක් දැකගත හැක.

අසල්වැසි ඉන්දියාව කොරෝනා වෛරසය නිසා දැඩිව පීඩාවිදින ආකාරය දෙස බැලීමේදී පෙනී යන්නේ එවැනි අවදානම් තත්වයක් අප රට තුළද ඇති විය හැකි බවයි.

කෙසේ වෙතත් මෙම තත්වය පාලනය කර ගැනීම සදහා අපට තවත් කාලය ඉතිරිව ඇති බව පෙනී යන හෙයින් කොරෝනා මාරයාගෙන් අපේ රටේ ජනතාවගේ ජීවිත බේරාගැනීම සදහා දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලුම දෙනාට එක්වන ලෙස අප සංවිධානය සියලුම පාර්ශව වලින් ඉල්ලා සිටිමු.

මෙවැනි මාරාන්තික උවදුරකින් ජනතාව බේරාගැනීම රජයට පමණක් කලහැකි කාර්යයක් නොවන නිසාත් සෑම දේශපාලන පක්ෂයකටම දේශපාලනය කිරීම සදහා රටක් හා ජනතාවක් සිටිය යුතු නිසාත් බහුතරයක් වූ ජනතාව කුමන හෝ දේශපාලන පක්ෂයක සමාජිකයෙක් වන නිසාත් සියලුම දේශපාලන පක්ෂවලට මෙම වසංගතයට එරෙහිව කටයුතු කිරීමට යුතුකමක් ඇති බව අප සංවිධානයේ අදහසයි.

එම නිසා පවතින තත්වය මනාව තේරුම් ගෙන රටත් ජනතාවත් මෙම උවදුරෙන් බේරා ගැනීම සදහා වන වැඩ පිළිවෙළක් සැකසීම සදහාත් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සදහාත් සියලුම දේශපාලන පක්ෂ,ආගමික නායකයින්,ආගමික සංවිධාන, වෘතිකයින්, වෘත්තීය සමිති,සිවිල් සංවිධාන එකට එකතු වන ලෙස අප ඉල්ලා සිටින අතර මෙම අවස්ථාවේ දේශපාලන වාසි ලබා ගැනීම හා පටු ලාබ ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු නොකරන ලෙසද අප සියලුම දෙනාගෙන් ඉතාමත් ආදරයෙන් හා කොරෝනා වෛරසයට ගොදුරු වී සුසුම් හෙලමින් සිටිනා ජනතාවගේ නාමයෙන් ඉල්ලා සිටිමු.

කොරෝනා උවදුරෙන් රට බේරා ගනිමු. එක්සත්ව නැගී සිටිමු.

මීට විශ්වාසී,
රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

අක්කර 15ක කැලය කපා ගංජා වවලා

colombotoday

MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට එරෙහි පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

එක්නැලිගොඩ අතුරුදන් කලායැයි සිර කර සිටි රණවිරුවෙක්ට ඇප

colombotoday

වවාගෙන කන්න පුලුවන් රටේ හාල්, පොල් රටින් ගෙන්වනවා.. මේ ආණ්ඩුව රටේ මොන ප්‍රශ්නෙද විසදුවේ?

colombotoday

Video: හිංදු දැරිවියකට අතවර කිරීමට පැමිණි මුස්ලිම් ජාතිකයන් තුන් දෙනෙකුට අක්කරේපත්තුවේදී ප්‍රහාරයක්

colombotoday

එජාපෙ ආණ්ඩුවට යන ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇමතිකම් නෑ – ජනපති දන්වයි

colombotoday