Colombo Today Local News

සෑබෑ ජනමතය පිළිඔුමු කිරීම සදහා පැරදුනු මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැවීමෙන් වලකින්න

“සෑබෑ ජනමතය පිළිඔුමු කිරීම සදහා පැරදුනු මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැවීමෙන් වලකින්න” යැයි පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සියලුම පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම මාධ්‍ය නිවේදනය මෙසේය….

මේ වන විට ජනතාව විසින් වසර පහක් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන තම නියෝජිතයා තෝරා පත් කර ගැනීම අවසන් කර ඇත.එසේ තෝරාපත් කර ගන්නා ලද සියලුම මන්ත්‍රීවරුන් හට අප සංවිධානයේ සුභ පැතුම් පුදකරමු. ජනතාව විසින් එසේ පත්කරගෙන ඇති සියලුම මන්ත්‍රීවරුන් මෙරට සමස්ත ජනතාව නියෝජනය කරමින් මෙරට පාලනය කිරීම සදහා වන විවස්ථාදායකයේ නීති සැකසීම කරනු ඇත. ජනතාවට හිතවාදී නීති සෑදීම සදහා අපි ඔවුනට සුභ පතමු.

කෙසේ වෙතත් සැබෑ ජනමතය ප්‍රකාශ වී ඇති මෙම අවස්ථාවේ ඡන්දය ඉල්ලා පැරදුනු කිසිදු අපේක්ෂකයෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් නොකරන ලෙස අප සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිමු. පැරදුනු අපේක්ෂකයින් පාර්ලිමේන්තු යැවීම තුළින් පාර්ලිමේන්තුව තුළ සැබෑ ජනමතය පිළිඔුමු නොවන බව අප අවධාරණය කරන්නෙමු.

ස්තුතියි
මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

කූරගල පුරාවිද්‍යා භූමියට ඇතුල්වෙන ස්ථානයේ තිබූ අනවසර ඉදිකිරීම ඉවත් කෙරේ

colombotoday

“පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න”

colombotoday

උතුරේ බෞද්ධ සංහාරය සහ කොටි කුලප්පුවට එරෙහිව ප්‍රසන්න ජනපතිට ලියයි

colombotoday

පොලිසියේ උසස් නිලධාරීන් 12කට ස්ථාන මාරුවීම්

Admin

කොටි මහවිරු සමරුවට එරෙහිව අවුරුදු තුනකට පසු පොලිසිය ක්‍රියාමාර්ගයක් ගනී…

colombotoday

කොරෝනා භීතිය මක්කමටත් දැනෙයි… විදෙස් බැතිමතුන්ට සෞදියේ දොර වැසෙයි !

colombotoday